එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයක් අද (11) පෙරවරුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් බෙජම්පෙට් ගුවන්තොටුපළ ආසන්නයේ පෞද්ගලික ගොඩනැගිල්ලක තාප්පයක් මතට කඩාවැටී ඇතැයි එන්ඩීටීවී පුවත් සේවය පවසයි.
කිසිවකුට ඉන් අනතුරක් සිදුවී නැති බවත් ගොඩනැගිල්ලට හානි සිදුව ඇති බවත් කියති.
ටොන් 70ක් පමණ ඒ 320 යානය ගුවන්තොටුපළේ සිට එයාර් ඉන්දියා පුහුණු කඳවුරකට රැගෙන යාමට උත්සාහ කරද්දී අනතුර සිදුව ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයට කෙනෙකුට කරදරයක් වුණත් එතනත් වාද විවාද... (නි)
ලලිත් ව්‍යංගයෙන් කියලා තියෙන දේ හරි. මම නම් ශ්‍රී ලංකාව දියුණු කරන්න ජපානය මොඩලයක් ලෙස ගන්නවා නම් බෝහෝ කැමතියි. (නි)
කිසිම ප්‍රමිතියකින් තොර නිෂ්පාදන බිහිකරන රටක් ඉන්දියාව කියන්නේ. ඔවුන්ගේ නිෂ්පාදන වලින් මනුෂ්‍ය ජීවිත වලට වන පරිහානිය සහ ජීවිත නැතිවිම ගැන ඔවුන් කිසිවිට සළකන්නේ නැහැ (නි)
අැති ඔයින් බේරුනා... (නි)
ලලිත්, ඉන්දියාවට වැසිකිළි පෝච්චි යවන්න කලින් ඔයා ඔයාගේ වැඩක් බලාගන්න (නි)
ලලිත්, ඉන්දියාව කියන්නේ ලෝකේ 10 වන ආර්ථික බලවතා. ලංකාවට එන වාහනයේ ඉඳලා ඇඳුම්පැළඳුම් වෙනකම් හදන්නේ ඉන්දියාවේ. (නි)
ලලිත්, අනුන්ගේ ඇසේ තිබෙන කුණු හොයන්නට කලින් තමන්ගේ ඇසේ තිබෙන පරාලය ගැන හිතන්න. අඩුම ගණනේ ඇල්පෙනෙත්තක්වත් මේ රටේමයි කියා නිෂ්පාදනය කරන්නේ නැති, මෝඩ, කම්මැලි අය සිටින ශ්‍රී ලංකාව නම් කුඩා දුපතේ සිටින තවත් එක සිංහල ගෝත්‍රිකයෙක් වන ඔබ, අපේ රටට සාපේක්ෂව ඉතාමත්ම දියුණු ඉන්දියාවට කරන චෝදනා ගැන මට නම් හිතෙන්නේ ඔබ පාසල් නොගිය මෝඩයෙක් ලෙසයි. (නි)
ලලිත්, අපි කියමුකෝ ඉන්දියන්කාරයෝ මෝඩයෝ කියලා. එතකොට අපි...? සිංහල අපි තරම් මෝඩ, කම්මැලි, ආඩම්බරකාර, හීනමානයෙන් ඔලුව උදුම්මවාගත් තවත් ජාතියක් මේ ලෝකෙම නැහැ. (නි)
මෙම ගුවන් යානය දොඹකරයක් මගින් ඔසවා වෙනත් තැනකට ගෙනයාමේදී දොඹරය කඩන්වැටී තමයි අනතුර වෙලා තියෙන්නේ (ම)
අපි නිකම් ඉඳගෙන ඉන්දියන්කාරයන්ට බනිනවා විතරයි. යුරෝපයේ, ඇමෙරිකාවේ, මැලේසියාවේ, සිංගප්පූරුවේ, මැදපෙරදිග ප්‍රමුඛයෝ ඉන්දියානු සහ චීන ඉංජිනේරුවෝ. ඉන්දියන් බස්ලොරි, ත්‍රීවීල්, මෝටර් සයිකල්, පාපැදි තමයි අපි පාවිච්චි කරන්නේ. ඉන්දියන්කාරයෝ අතර මෝඩයෝ කම්මැලියෝ ගොඩක් ඇති. එ්ත් වැඩකාරයෝ ටිකක් නිසා ඉන්දියාව කාර්මික දියුණුව ලබනවා. අපි නිකම් බැණ බැණ ඉන්නවා. (නි)
ඉන්දියාවේ මොනවද කඩා නොවෑටෙන්නේ (ම)
වෙළඳ ගිවිසුම ගැහුවොත් මුලින්ම අපනයනය කරන්න පටන්ගන්න ඕනෑ වැසිකිළි පෝච්චි. හරියට හරිය ලලිත්. ඉන්දියාවේ 50% ජනයාට වැසිකිළි පහසුකම් නැත (නි)
නාමල් - නිව්යෝර්ක්, ඒ 320 යනු ප්‍රංශයේ නිෂ්පාදිත ගුවන් යානයක් බව හරි. හැබැයි මිලින්ද කියලා තියන හැම දෙයක්ම 100% හරි. (නි)
ඉස්සර එකපාරක්නම් මුන් චීන්නුන්ට ගහන්න ගිහින් චීන රට මැද්දට එනකල්ම ගහල අාපහු ගියා. ඒ සිරිමාවෝ ආණ්ඩුව කාලේ. සිරිමා නොහිටින්න අද ඉන්දියාවේ සිතියමෙන් තියෙන්නෙත් බාගයයි එහෙව් උන් තමයි මේ අපට ඔලුව උස්සන්න නොදී බකල් කරන්නේ. කවද හරි ඉන්දියාවත් එක්ක අර කියන වෙළඳ ගිවිසුම ගැහැවුවොත් මුලින්ම අපනයනය කරන්න පටන්ගන්න ඕන වැසිකිලි පෝච්චි. දවසෙන් කොටිපත්යෙක් වෙන්න පුළුවන්. හොඳ ජනප්‍රිය හින්දි නළුවෙක් එකේ ඉඳගෙන පාවිච්චිකරන ඇඩ් එකක් දැම්මනම් පටස් ගාල විකිනෙනවා. (බ)
පළමුව මිනිසුන්ට අනතුරක් සිදු නොවීම ගැන සතුටු වෙමි (අ)
මෝඩ හැත්ත පරණ ඒ320 ගුවන් යානයක් ක්‍රේන් එකකින් උස්සගෙන හැතැප්ම 4 ක් ගෙනියන්න පුලුවන්න්ද. උඩට උස්සපු හැටියේ එකේ බරට ක්‍රේන් එකත් එක්කම බිම. මේ වගේ මෝඩයෝ ගැනත් තමයි රට දියුණු කරන්න හදන්නේ.(අ)
ඔය ලෙඩ ගොඩවල් වලින් පුහුණු කරපු නියමුවෝ තමයි ඉන්දියානු යාන පදවන්නේ. එව්වගේ යන කට්ටියට දෙවියන්ගේම පිහිට තමයි. (අ)
මිලින්ද දන්නා දෙයක් කතා කරන්න.. ඒ 320 යනු ප්‍රංශයේ නිෂ්පාදිත ගුවන් යානයක්.. ගුවන් යානා අනතුරු ලෝකයේ ඕනෑම රටක විය හැකියි. (අ)
ඉන්දියානු වාහන පාලම් රේඩාර් සහ යුද ගුවන්යානා වල ඇත්තේ බාල තත්ත්ව සහ තාක්ෂණයයි. ඒ නිසා ඉන්දියානු තාක්ෂණය උපයෝගී කරගැනීම අවම කල යුතුය.(හේ)