2014 වසරේ ජූලි මාසයේ පුද්ගලයින් 298 දෙනකු මරණයට පත් කරමින් විනාශ වූ මැලේසියා ගුවන්සේවයට අයත් එම්එච් 17 ගුවන් යානය කඩා වැටීමට හේතුව මිසයිල ප්‍රහාරයක් බව අනාවරණය වී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
රුසියාවේ නිෂ්පාදිත බක් මිසයිලයක් මගින් ගුවන් යානයට ප්‍රහාර එල්ලවී ඇතැයි නෙදර්ලන්ත ආරක්ෂක මණ්ඩලය කියයි.
නෙදර්ලන්තයේ ඇම්ස්ට්‍රඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර බලා පියාසර කරමින් තිබියදී එම ගුවන් යානය යුක්රේන - රුසියා දේශ සීමා ආසන්නයේදී ප්‍රහාරයකට ලක්ව කඩා වැටිණි.
බටහිර හා යුක්රේනය රුසියාවට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ නමුත් රුසියාව සඳහන් කළේ යුක්රේන ආරක්ෂක හමුදා මිසයිලයකින් යානය විනාශ වූ බවයි.
අලුතින් නිකුත්වූ වාර්තාවේ මිසයිල ප්‍රහාරයකින් යානය විනාශවූ බව සඳහන් වුවද එය කවුරුන් එල්ල කළ එකක්දැයි සඳහන් කර නැති බවද විදේශ ප්රවෘත්ති සේවා සඳහන් කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්රේනයේ මිනිස්සු තමරටේ සිටි රුසියාවට ගැති ජනාධිපතිවරයා පන්නා දැමුවා. ඒකට පිලිතුරු ලෙස රුසියාව යුක්රේනය අස්ථාවර කරන්න ඒ රටේ නැගෙනහිර පෙදේසේ රුසියන් බස කතාකරන ජනයා අතර බෙදුම්වාදය ඇවුලුවා ඔවුන්ට ස්වයංපාලනයක් සදහා සටන් කරන්න අවි සැපයුවා.එසේ සපයන ලද ගුවන්යානා නාශක මිසයිලකින් වැරදීමකින් එල්ලවූ ප්‍රහාරයකින් තමා මේ යානය විනාශවෙලා තියෙන්නේ. (ර)
පවු හිතට හරිම දුකයි (අ)
නාමල් ඔබ හරි, රුසියාව ඔය කියන තරම්ම හොඳ රටක් නොවේ. වර්ණබේදවාදය තදින්ම තිබෙන රටකි. යූ ටියුබ් එකේ ස්කින් හෙඩ් වීඩියෝ බලන්න (බ)
වෙන්න පුළුවන් දේවල් ගැන තමයි හැම රටම කියන්නේ. මේ අතර රටවල් කොටවන එක තමා වැඩියෙන්ම වෙන්නේ පුද්ගලික කෝන්තර පිරිමහගන්න (ම)
මීට අවුරුදු ගණනාවකට පෙරත් රුසියාව ස්කාලින් දුපතට උඩින් පියාසර කළ සාමාන්‍ය මඟී ගුවන් යානයකට මිසයිල් ගහලා අහිංසක ජීවිත රැසක් නැතිවුණා (නි)