එක්සත් ජාතීන්ගේ මානුෂීය සහන සේවා ප්‍රධානී වැලරී ආමෝස් පෙරේදා (29) සිරියාවට යෑමට උත්සාහ කළ අවස්ථාවේදී සිරියා රජය ඊට එරෙහි විය. වැලරී ආමෝස්, සිරියාට යෑමට සැරසුණේ එරට පවතින ප්රචණ්ඩ කි‍්‍රයා ගැන සොයා බලා, විපතට පත් වන අහිංසක සිවිල් වැසියන්ට මානුෂීය ආධාර ලබා දීමට කටයුතු කිරීමට යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ”මා සිරියාවට පැමිණෙනවාට සිරියා බලධාරීන් කැමැත්ත පළ කළේ නැහැ. ඔවුන් කීවා ඔවුන් ඊට අවසර ලබා දෙන්නේ නැහැ කියලා. ඒ ගැන මා දැඩි ලෙස කනස්සල්ලට පත් වෙනවා” යැයි වැලරී ආමෝස් මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (1) කියා සිටියාය. ”ලැබෙන වාර්තාවලට අනුව සිරියා සිවිල් වැසියන්ට ආධාර ඕනෑ. රජයේ හමුදා එල්ල කළ ප්‍රහාරවලින් තුවාල ලැබූ බොහෝ දෙනකුට ඖෂධ නැහැ. ඇතැමුන්ට කෑම නැහැ. බොන්න වතුර නැහැ. ඒවා ඔවුන්ට ඉක්මනින් ලබා දීමට කටයුතු කළ යුතුයි” යැයි වැලරී ආමෝස් අවධාරණය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සිරියාවේ මේ වනවිට සිවිල් වැසියන් 7,500 කට වැඩි පිරිසක් ඝාතනය වී ඇති බවය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd