බටහිර ඉවුරේ තවදුරටත් ජනවාස ඉදිකිරීමට ඊශ්‍රායලය ගත් තීරණයට එක්සත් ජාතීන්ගේ සංවිධානය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.
රාජ්‍ය දෙකක් අතර සාමය ගොඩනැගීමට ඒකපුද්ගල තීරණ බාධාවක් යැයි ද එම විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මහතා පැවැසීය.
නිවාස අවශ්‍යතාවට පිළියමක් ලෙස ඊශ්‍රායලය යුදෙව් ජනාවාසවල තවත් නිවාස 2,500ක් ඉදි කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු මහතා පසුගිය අඟහරුවාදා පැවැසීය. ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා රාජකාරී ආරම්භ කිරීමෙන් පසු ඊශ්‍රායල බලධාරීන් එවැනි ප්‍රකාශයක් කළ දෙවැනි අවස්ථාව එය විය.
අනාගත රාජ්‍යයක් උදෙස තිබෙන විශ්වාසය බිඳ වැටෙන මෙවැනි ප්‍රකාශ හා තීන්දු තීරණ සාමයට බාධාවක් බවත් පලස්තීන බලධාරීහූ ප්‍රකාශ කරති. “රාජ්‍ය දෙකක විසඳුමකට බී සැලැස්මක් මහලේකම් ළඟ නැහැ” යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ මහතාගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මහතා ප්‍රකාශ කළේය. “ඒකපාර්ශවීක තීරණ රාජ්‍ය දෙකක අරමුණ කරා යන්න බාධාවක්. මහලේකම්වරයා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිටිනවා” යැයි ද ස්ටෙෆාන් ඩුජාරික් මහතා කීය. “පාර්ශව දෙකම අවංකව සාකච්ඡාවල නිරත වීමේ අවශ්‍යතාවක් තිබෙනවා. රාජ්‍ය දෙකක ඉලක්කය වෙත ගමන් කිරීමට එය අත්‍යාවශයයි. ඊශ්රායලත් පලස්තීනයත් රාජ්‍ය දෙකක්. ජනතාව සඳහා රාජ්‍ය දෙකක්” යැයි ද ස්ටෙෆාන් ඩුජාරික් මහතා කීවේය.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ද මෙම ජනවාස ඉදිකිරීම්වලට සහාය වනු ඇතැයි පැවසේ. හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ද ඊශ්‍රායලය කරන ජනාවාසවලට සහාය දැක්වීය. ජනාවාසවලට සහාය දක්වන තානාපතිවරයකු ඊශ්‍රායලට පත් කිරීමට ද ඇමෙරිකා ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි.
ඊශ්‍රායලය කරන ලද ජනාවාස කඩිනමින් ඉවත් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට එරෙහිව නිෂේද බලය භාවිත නොකිරීම සම්බන්ධයෙන් ද ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතාට චෝදනා එල්ල කළේය.
වසර 1967 දී ඊශ්‍රායලය බටහිර ඉවුරත් නැගෙනහිර ජෙරුසලමත් අත්පත් කරගැනීමෙන් පසු මේ දක්වා කාලයේදී ජනාවාස 140කට වැඩි ප්‍රමාණයක් ඉදි කර ඇති අතර 500,000ක් පමණ දෙනා එහි ජීවත් වෙති.
ජාත්‍යන්තර නීතිය යටතේ මෙම ජනාවාස නීති විරෝධී යැයි සැලකුණද ඊශ්‍රායලය එය නොපිළිගනියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ, රටවල් 193ක නියෝජනයක් ඇති ඉතා බලසම්පන්න ආයතනයක්. කිසියම් හෝ රටක ස්වෛරීභාවයට තවත් රටකින් යම්කිසි අයුරකින් බලපෑමක් එල්ල වෙනවනම්, එයට විරුද්ධව ක්‍රියා කිරීමට මෙම ආයතනයට පරම අයිතියක් තියෙනවා. එනමුත්, ඊශ්‍රාලයට එරෙහිව එම අයිතිය ක්‍රියාත්මක කරන්න ඇමෙරිකාව කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් දිගටම පලස්තීන භුමියේ බලෙන් ජනාවාස හදනවා. මදිවට, දිනපතාම පාහේ නොදරුවන් කාන්තාවන් ඇතුළුව පලස්තීන වැසියන් නිරපරාදේ මරා දානවා. එයට අවශ්‍ය සහයෝගය මාධ්‍ය මගින් ලබාදෙන්නේ, පලස්තීනුවන්ට ත්රස්තවාදීන් යන ලේබලය අලවලයි. (බ)
නීල්, ඔව් ඔබ ඉන්නෙත් අනුගේ ගෙවල් බලෙන් අල්ලාගෙන ඉන්න ඊශ්රායල්කාරයෙක්ගේ ගෙදර වෙන්න ඇති. ඔයාගේ ලංකාවේ ඉන්න ගෙදරට අපි ඉන්දියාවෙන් එක්කෙනෙක්ව බලෙන් ගෙන්නලා ඔයාගේ ගේ කඩලා ඒකේ ඉන්දියන්කාරයව පදිංචි කරලා අපි ඒ ඉන්දියන් කාරයට කියමු බංගලිදේශයෙන් වැඩට එක්කෙනෙක් ගන්න කියලා. එතකොට ඔයාට මොනවාද හිතෙන්නේ කියලා කියන්නකෝ (නි)
පලස්තීනෙට දෙන එක දෙන්න ඇතිවෙන්නම. කරන තරමක් කරන්නේ මිනීමැරුම්. ආගමක් අල්ලාගෙන නිකන් දොඩවනවා. ඊශ්‍රායල් වල ඉන්න ලංකාවේ උදවිය දන්නවා පලස්තීනකාරයන්ගේ කෙරුවාව. (නි)
ඔය හුඟක් ඊශ්‍රායලයට සහයෝගය දෙන සමහර අයගේ ගෙවල් කඩලා ඉන්දියාවෙන්, රුසියාවෙන්, ඇමරිකාවෙන් එන අයට අපි ඒ ගෙවල් දෙමු. ඊටපස්සේ ඒ ගොල්ලෝ ලවා ජයවේවා කියවමු, ඔය එන අයට නේද? (නි)
සන්ධ්‍යා, ඔය ගෙදරක වැඩකරලා ඕවා දැනගන්න බැහැ. ඉස්සරවෙලා මේ රට බිහිවුණේ මොන කාලේද කියලා ටිකක් හොයලා බලන්න (නි)
මහා බ්‍රිතාන්‍යයේ පුතා ඇමරිකාව, ඇමරිකාවේ පුතා ඊශ්‍රායලය. ඉතිහාසය නැවත වතාවක් සිදුවෙනවා. ඊශ්‍රායලය රජවෙන දවසට බලමු ඊශ්‍රායලයේ සැබෑ ස්වරුපය. (නි)
පලස්තීනුවන් නිරපරාදේද මරන්නේ කියලා ඊශ්‍රායල් ඉන්න ලංකාවේ අයගෙන් අහලා බලන්න. (නි)
මේ කළ දේ හරි.(හේ)
ඉතිහාසේ තියනවා යුදෙවුවෝ යුදෙවුවන්ගේ රටින් පැන්නුවේ එහෙ හිටිය මුසල්මානුවෝ ඔටෝමන් සහ රෝමන්කාරයෝ එක්ක සෙට් වෙලා කියලා. ඒ යුදෙවුවෝ ජර්මන්කාරයන්ගෙන් මැරුම් කන්නේ එහාට ගිය නිසා. තමන්ගේ රටට යුධවදින යුදෙවුවන්ට ජයවේවා....! (නි)
සංජය, ලංකාවේ යුද්ධයේදිත් ඊශ්‍රායලය අපිට විතරක් නොවෙයි උදව් කළේ, කොටි ඇතුලු අනිකුත් දෙමළ ත්‍රස්ත සංවිධාන වලටත් උදව් කළා කියලා ඔවුන්ගේ රහස් ඔත්තු සේවාවන්හි සේවයකළ ප්‍රධානියෙක් ඔහු එළිදැක්වූ පොතේ සඳහන්වී තිබුනා. ඔහු එ්කට හේතුවත් සඳහන් කර තිබුනා, දෙපැත්තටම අවි ආයුධ සපයමින් වෙළඳාමක් කළේ කියලා. (නි)
ඊශ්‍රායලයට ඉහළින් කාටවත් ක්‍රියා කරන්න බැහැ. ඔවුන් එතරම් බලවත් යුධමය සහ ආර්ථිකව. ලෝකයේ බලවත් රටවල් ඉන්නේ ඔවුන් පිටුපස ඔවුන්ට සුක්ෂමව උදව් කරමින්. ජගත් සංවිධානය පුස්සක් පමණි (නි)
ඊශ්‍රායලය අපිටත් උදව් කරපු රටක් නේද? (බ)
ඉශ්‍රායලයත් රටක් ලෙස නැගී සිටිය යුතුයි ඔවුන්ටත් අරාබිය මැද්දේ භූමිය අවශ්‍යයි (ම)
මොන සංවිධානය කිවුවත් ඊශ්‍රායලය කරන වැඩකොටස නවත්වන්නේ නැහැ. ඇමරිකානු සහයෝගය නවත්වන්නෙත් නැහැ. ලෝකයේ සෙසු රටවල අදහස් මේ දෙරටට අදාළ නැහැනේ. මේගොල්ලන්ට විරුද්ධව කතාකරන රටවල යුද්ධ ඇතිකරනවා. (නි)
ජයවේවා ඊශ්‍රායලයට (නි)
රටවල් බොහෝමයක් 1967දී ඊශ්‍රායලයට පහරදීමට සූදානම් වුණා විතරයි. ඔවුන්ට කලින් ඊශ්‍රායලය යුද්ධය ඉවරයක් කළා. ජෙරුසලමත් අල්ලගත්තා. ඊශ්‍රායලයට ජයවේවා......! ලංකාවේ යුද්ධයදිත් ඊශ්‍රායලය අපට ගොඩක් උදව් කළා. (නි)
ඊශ්‍රායලය පිළිගන්නේ කුමන නීතියදැයි අපි දනිමු. රණබිමේ නීතිය ඔවුන්ට අදාළ නැත. (නි)
ඊශ්‍රායලයට ජයවේවා....! (නි)
ඔන්න මෙදාපාර කාට කාටත් බලාගන්න පුළුවන් වැඩිය බලගතු ඇමෙරිකාවද නැත්නම් ජගත් සංවිධානයද කියලා. ඊටපස්සේ ආණ්ඩුවට පුළුවන් දිව්‍යලෝකේ යන්න නම් නැට්ටේ එල්ලෙන්න ඕනෑ අමෙරිකාවේද, චිනේද, ඉන්දියාවේද, රුසියාවේද, නැත්නම් වෙනත් රටකද කියලා හරිහැටි තේරුම්ගන්න (නි)