ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ තෙලගනා පළාත වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කිරීමට පාලක කොංග්රස් පක්ෂය ප්රමුඛ රජය ගත් තීරණයට විරෝධය දක්වමින්, ඉකුත් සති අන්තයේදී ද අන්ද්‍රා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් අගනුවර විරෝධතා රැලි කිහිපයක් පැවැත්විණි.
තෙලගනා පළාත වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කරන්නැයි රජයට බල කළ පිරිස් සහ එම විරෝධතාකරුවන් අතර ගැටුම් ද හටගත්තේය. කලහකාරීන් විසුරුවා හැරීමට, පොලිසියට කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කිරීමට ද සිදුවිය. තෙලගනා පළාතේ වැසියෝ එම පළාත වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කරන්නැයි ඉල්ලා සිටියේ මීට මාස ගණනාවකට පෙර සිටය.
මේ අතර, තෙලගනා පළාත වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කරන්නැයි කොංග්රස් පක්ෂය ප්රමුඛ රජය තීරණය කළේ, ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ඡන්ද වාසි ලබා ගැනීමේ අරමුණින් යැයි ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය චෝදනා කර ඇත. ආන්ද්‍රා ප්‍රාන්තයේ තෙලගනා පළාත වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කිරීමත් සමඟ එය ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය වන අතර එහි අගනුවර වනු ඇත්තේ ද හයිද්‍රාබාද් නුවරය. කොංග්රස් පක්ෂය මේ වනවිට දැඩි ලෙස ජනතා අප්‍රසාදයට ලක් වී ඇත. ඒ දිනෙන් දින ඉහළ යන රජයේ දූෂණ වංචා හේතුවෙනි. ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණය කොංග්රස් පක්ෂයට අවාසි වනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ජයලලිතයි කරුණානිධියි මේකට මුකුත් කියන්නෙ නැද්ද දන්නෙ නැහැ (නි)
ඉන්දියාව කෑලි කඩලා ඉතාලියට විකුණනකන් ඉන්දියාවේ ඉන්න අය මේවා තේරුම් ගන්නේ නැහැ. (නි)
ඉන්දියාව ඇතුලෙම තවත් ප්‍රාන්ත හදන්න උත්සහ කරන ඉන්දීය රජයට ඒ රටෙහිම මේ මිනිස්සු විරුද්ධ වෙද්දී අපේ රට කෑලි කරන්න අපි ඉඩ දෙනවද? මේකෙන්වත් ඉන්දීය ආණ්ඩුවට ඒ බව වැටහේවිද? (නි)
ජනතා විරෝදය මැද අපි තෙලගානා ප්‍රාන්තය බිහිකළා. එම ක්‍රමයටම ජනතා විරුද්ධත්වය නොතකා ලංකාවෙත් දෙමල ඊලම බිහි කළ යුතු යැයි කියා ඉන්දියානු රජය අපිට බල කරාවිද ? (නි)