ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ඊයේ (14) අලූයම හැටිහැටියේ පුපුරා යෑමෙන් ඒ තුළ සිටි නාවික භටයෝ 18 දෙනාම ජීවිතක්ෂයට පත්වූහ.
පුපුරා ගියේ අයි.එන්.එස්. සිංදුරක්ෂාක් නමැති සබ්මැරීනයයි. එය රුසියාවේ නිෂ්පාදිත ඞීසල් බලැති සබ්මැරීනයකි.
අයි.එන්.එස්. සිංදුරක්ෂාක් පුපුරා ගියේ, එය රුසියාවට යවා අලූත්වැඩියා කර යළි ගෙන්වීමෙන් පසුව යැයි අනතුරින් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් නාවික හමුදා ප්‍රකාශක නරේන්ද්‍ර කුමාර් පැවැසීය. සබ්මැරීනය පුපුරා යෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ඒ ගැන පරීක්ෂණ ආරම්භ කර ඇත.
පිපිරීමෙන් පසු සබ්මැරීනය තටාකාංගණය අසල මුහුදු පතුළේ ගිලී ගියේය.
විපතට පත්වූවන් සොයා නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් මෙහෙයුම් ආරම්භ කළේ ඉන්පසුවය. 2010 වසරේ දී ගින්නක් හටගත්තේ ද අයි.එන්.එස්. සිංදුරක්ෂාක් සබ්මැරීනයේය. එම අවස්ථාවේදී සබ්මැරීනය දකුණු ඉන්දියාවේ විසාකාපට්නම් නැව් තොටට පැමිණ තිබුණි.
ගින්නට හසුවීමෙන් 24 හැවිරිදි නාවික භටයෙක් ජීවිතක්ෂයට පත්වූයේය. තවත් දෙදෙනෙක් බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබූහ. සබ්මැරීනය යළි රුසියාවට යවා අලූත්වැඩියා කිරීමට ඉන්දීය නාවික හමුදාව පියවර ගත්තේ ඉන් පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවේ වැඩ ගැන කුමන කතාද? (ස)
සබ්මැරීනය හදලා තියෙන්නෙ වෙල්ලමුල්ලිවෛක්කාල් ද දන්නැහැ. (ස)
ඉන්දියාවට සබ්මැරීන් එකක්වත් පාලනය කරගන්නවත් බැරිද? (ස)
ඉන්දියාවට මොකටද සබ්මැරින් ලෝක යුද්දෙකට සහභාගී වන්නටද. (අ)
හොඳ වැඩේ, ළඟ ඉන්න චීනයට පාට් දාලා රුසියාවේ වලිගෙ අල්ලනවට.කොහොම උනත්,අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. (ස)
ඉන්දීය නාවික හමුදාව සතුව දැනට නිල වශයෙන් සබ්මැරින් 35 පවතිනවා (දී)
අනේ අපිටත් ගමුකො සබ්මැරීනයක්... ඉක්මනටම ගන්න ඕනෑ (නි)