දේශසීමා හරහා ඇෆ්ගනිස්තානයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින්නැයි ඇෆ්ගන් රජය පාකිස්තාන රජයට ඊයේ (23) අනතුරු ඇඟවීමක් කළේය. ඇෆ්ගන් රජය එම අනතුරු ඇඟවීම කළේ පාකිස්තාන හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් ඇෆ්ගන් සිවිල් වැසියන් පස් දෙනකු පෙරේදා (22) ඝාතනය වීම හේතුවෙනි. ඇෆ්ගන් රජය පවසන්නේ ඉකුත් සිකුරාදා (20) සහ සෙනසුරාදා (21) බර අවි යොදා ගෙන පාකිස්තාන හමුදා ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර කුනාර් ප්‍රාන්තයේ ඩන්ගම් දිස්ති‍්‍රක්කයට පහර දුන් බව.පසුගිය මාසයේ ද පාකිස්තාන හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් කුනාර් ප්‍රාන්තයේ ගම්මාන කිහිපයක වැසියන්ට ගම්බිම් අතහැර යෑමට සිදුවිය. දේශසීමා ප්‍රහාර සම්බන්ධයෙන් ඇෆ්ගන් නියෝජ්‍ය විදේශ ඇමැති ජාවඞ් ලූඩින් පාකිස්තානයේ කාබුල් අගනුවර සිටින පාකිස්තාන තානාපතිවරයා කැඳවා එම ප්‍රහාර සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ මොන මොනවා හරි ඇති. ඒකයි සද්දේ...... (ස)
කාබුල් කියන්නේ ඇෆ්ඝනිස්ථානයේ අගනුවරයි. (නි)
ඇමරිකාවට පකිස්තානයට ගහන්න බෑ....ඒ නිසා ඇෆ්ගනිස්තානය ලවා යුද්ධයකට ලේස්ති වෙනවා.....මේවා ඊස්රායලයේ වැඩ....(ස)
ඇමරිකාවට පකිස්තානයට ගහන්න බෑ.... ගැහුවොත් එදා ට තමා ඇමෙරිකාව පාඩමක් ඉගෙනගන්නෙ... පුලුවන්නම් ගහල බලන්න කියන්න....(ස)