ඇමෙරිකා එක්සත් ජනපද බුද්ධි අංශවල ක්‍රියාකාරකම් ජර්මනියේ නාසිවාදීන් සිහි ගන්වන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා චෝදනා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලබන 20 වැනිදා ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.
බුද්ධි අංශවල තොරතුරු පිටවීමෙන් තමන් රුසියානු උගුලක හසු වී සිටින බවත් වැරැදි තොරතුරු මාධ්‍ය වාර්තා කර ඇතැයි පවසමින් රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප් මහතා බුද්ධි අංශවලට චෝදනා තවදුරටත් චෝදනා කළේය.
“මේ නිසා මම දැඩි කනස්සල්ලට පත්වුණා. මෙය ඉතා කනගාටුවට කරුණක්. බුද්ධි අංශ වැරැදි පුවත් පළවීමට ඉඩ ප්‍රස්ථාව දීලා. එය ඉතාමත් කනගාටුදයකයි. මෙවැනි දේවල්වලින් ජර්මනියේ නාසිවාදීන් කරපු දේවල් මතක් කරනවා” යැයි නිව්යෝක් නුවර පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවැසීය.
රුසියාව ඇමරිකාවේ ඩිමොක්රටික් පක්ෂ ජාතික කමිටුවේ විද්‍යුත් ලිපිනවලට සහ පරිගණකවලට අනවසරයෙන් පිවිස දත්ත වෙනස් කළ බව ට්‍රම්ප් මහතා පසුගිය දිනෙක පිළිගත්තේය. එම කරුණුවලට පිළිගත්තා පමණක් නොව තවත් රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයේ පරිගණකවලට අනවසරයෙන් පිවිස දත්ත වෙනස් කරමින් සයිබර් ප්‍රහාර එල්ල කරන බවද ට්‍රම්ප් මහතා එහිදි කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
“තවත් රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයේ පරිගණකවලට අනවසරයෙන් පිවිස දත්ත වෙනස් කරමින් සයිබර් ප්‍රහාර එල්ල කරන බවද ට්‍රම්ප් මහතා එහිදි කීවේය“ ඔව් ඉතින් වෙන ක්‍රමවලින් ප්‍රහාර එල්ල කරන්න බැරි නිසා මෙහෙමවත් ප්‍රහාර එල්ල කරන එක හොඳයි. හොඳම ප්‍රහාරය දුන්නේ ස්නොඩන්. (නි)
ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ රුසියාව ඇතුළු වෙනත් රටවල් ඇමරිකාවේ පරිගණක වලට ඇතුල් වුන බවය , එයින් අදහස් කරේ ඔහුගේ බලය කාලයේ එවෙනි සිදු වීම් නොවන්නට අති ප්‍රබල පරිගණක ආරක්ෂක ක්‍රමයක් බාවිතා කරන බවය , ඒ වාගේම අපි දැන ගත යුතුයි ඇමරිකාව ලෝකයේ බොහෝ රටවල සතුරු සහ මිතුරු රටවල පරිගණක ක්‍රමවලට පිවිසෙනවා , ටෙලිෆෝන් සංවාද වලට ඇහුම් කන් දෙනවා .(අ)
මෙතුමා කොන්ද පන තියෙන නායකයෙකි (නි)
නුතන දියුණු ලෝකය ( ඇමෙරිකාව ), නැවතත් නොදියුණු ගල් යුගයකට ආපසු යෑමක් හැටියටයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පත්වීම මම දකින්නේ. ජාතිවාදී මෙන්ම වර්ණවාදී අදහස්වලින් මොනවට පෝෂණයවූ ට්රම්ගේ නායකත්වයෙන් මතු ලෝකෙට අයහපතකට වඩා යහපතක් නොවෙන බව ඉදුරාම කිව හැකීයි. (අ)
ගොඩක් අනතවාදින් මොහු ජනාධිපති වීම ගැන දුක්වනවා. නොයෙකුත් කතා කියනවා. මොකද මොහු බලයට ආවහම අන්තවාදය පරාජය කරනවා. ඔහු ඇමරිකාවට ආදරය කරන, ඇමරිකාවේ සතුරන් මිතුරන් කරගන්න කෙනෙක් (නි)
ගෝත්රවාදී උදවිය ට්‍රම්ප් ආගමනය ගල් යුගයක ආරම්භයක් යැයි කීම හොඳම විහිළුවක්. (නි)
බාලසූරිය මහතාගේ අදහස ඉතාමත් වටිනවා. අපිට අවශ්‍ය මේ වගේ කෙනෙක්. රටට ආදරේ කරන නායකයෙක්. (නි)
ට්‍රම්ප්ට විරුද්ධව ඇමෙරිකාවේ වගේම ලෝකෙත් කිසිදා නොවූ විරූ ලෙස ලොකු කතිකාවක් ගොඩනැගී තියෙනවා. මිනිස්කමට නිගාදෙන ඔහුගේ ප්‍රතිපත්ති පිළිබඳව. "ගෝත්රවාදී" යන ඇමතුමෙන්ම, ඔබ ඉන්නේ කොහෙද කියනඑක ලෝකෙටම පෙන්නුවා හසිත මහත්තයෝ. (නි)
හුසේන් මොහමඩ් ඔබට ගොඩක් රිදිලා වාගේ ට්‍රම්ප් බලයට එම ගැන. (ර)
මම දකින්නේ නව ජනාධිපතිගේ වැඩපිළිවල හරි....මොකද ඔය මුලධර්මවාදී අන්තවාදීන් තමයි මේ ලෝකේ කන්නේ මිනිස්සුන්ගේ ඔළුගෙඩි විනාශකරන්නේ...ට්‍රම්ප් මහත්තය ඇවිත් මේ සියල්ල වෙනස්කරන තුරු අපි අැගිලි ගනිමු.....(බ)
මට විතරක් නෙමෙයි කුමාර මහත්තයෝ, ලෝකේ ගොඩක් අයට රිදෙයි නුදුරු අනාගතේදීම. ඒ වගේම ට්‍රම්ප්ගේ අදහස්වලට විරුද්ධව ඇමෙරිකාවේ උසස් රාජ්‍ය නිලධාරීන් පවා නීති මාර්ගයෙන් ක්‍රියා කරන්න දැනටම ප්‍රසිද්ධියේම පොරොන්දු දීලයි තියෙන්නෙ. ඔහු ඉතාමත්ම ජාති,ආගම්වාදීයි. (නි)
ඒ රටේ එහෙම තමයි.
ඇත්ත කතාව නම් ට්‍රම්ප් මහත්තය බලයට විත් කරන දේ ඔහුගේ පක්ෂයේ අයවත් හරියට දන්නේ නැහැ. ඔහුගේ පක්ෂයේ අයටවත් අැමරිකාවේ අනිකුත් සෙසු ජනතාවත් මොහු ජනවාරි 20 ට පසු කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නකොට මේ ලංකාවේ ඉන්න සමහර මිනිස්සු ට්‍රම්ප් වෙනුවෙන් මනකල්පිත ප්‍රතිපත්ති කතා කිරීම හරිම විහිළුවක්! ට්‍රම්ප් මොනවා කළත් කරන්නේ ඇමෙරිකාවේ යහපතට මිසක් ලංකාවට යහපතක් වෙන්න නොවේ! (නි)
මම නම් සිතන්නේ ලෝකයේ ත්රස්තවාදයට විරුද්ධව ඔහු ක්‍රියාකරන බව කී නිසා ලෝකේ ඉන්නා ත්රස්තවාදීන් බයවෙලා. අපිට බයවන්නට කරුණක් නැහැ. හිලරි පරාදයි. මම සතුටුයි ට්‍රම්ප් දිනුවට. ඇවිල්ලා කරන දේවල් බලා අපි හොඳ නරක කියමු (නි)
මමත් කැමතියි ට්‍රම්ප්ට (නි)
කවුරුහරි ඇවිල්ලා ත්රස්තවාදීන්ට බැනනහම ත්රස්තවාදීන් බයවෙනවා නම් ඔය ප්රශ්නය විසඳන එක කොතරම් පහසුද? කොහොමටත් අයිඑස් ත්රස්තවාදීන් දැන් අඩපනවෙලා තියෙන්නේ. ප්රශ්නය තියෙන්නේ එ්ක නොවේ. ට්‍රම්ප් හැසිරෙන විදියෙන් අරාබි රටවල් කොතරම් දුරට ඔහුට නතුවේද කියන එකයි. කොහොම වුණත් ලංකාව සම්බන්ධයෙන් නම් ඇමෙරිකාවේ ප්‍රතිපත්තිය කවුරු බලයට පත්වුණත් වෙනස් වෙන්නේ නැහැ (නි)