|
ජනපති ඔබාමා |
ඇමෙරිකාවේ මහජන නියෝජිත මණ්ඩලය සහ කොංග්රස් මණ්ඩලය අතර මත ගැටුම් හේතුවෙන්, රජයේ අයවැය සම්මත කර ගැනීමට නොහැකි වීම නිසා හටගත් අර්බුදය, තව තවත් දිග්ගැස්සෙනු ඇතැයි ඇමෙරිකානු දේශපාලන විචාරකයෝ බිය පළ කරති.
අය වැය සම්මත කරගැනීමට නොහැකිව පෙරේදා (1) සිට ඇමෙරිකාවේ මූල්‍ය කටයුතු අඩපණ වූ අතර, රාජ්‍ය ආයතනවලින් කොටසක් වසා දැමීම ට ද සිදු වී ඇත.
ඇමෙරිකාව පසුගිය කාලයේ ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අතර, එයින් ගොඩ ඒමට ඔවුන් සමත් විය. කෙසේ නමුත් මෙම නව අර්බුදය මුල්කර ගනිමින්, යළිත් වරක් රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතිනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මහජන නියෝජිත මණ්ඩලය සහ කොංග්රස් මණ්ඩලය අතර මත ගැටුමක් නිර්මාණය වූයේ, ජනපති බැරැක් ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂක පනත මුල්කොට ගනිමිනි. ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් කියා සිටින්නේ, එම පනත සංශෝධනය විය යුතු බවය.
ඇමෙරිකාවේ මහජන නියෝජිත මණ්ඩල බහුතර බලය ඇත්තේ ඔබාමාගේ ඩිමොක්රටික් පක්ෂයට නොව ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයටය.
ඇමෙරිකාවේ මූල්‍ය කටයුතු මේ අයුරින් අඩපණ වූයේ වසර 17 කට පමණ පසුවය. මීට පෙර ඇමෙරිකාව මෙවැනි අර්බුදයකට මුහුණ දුන්නේ 1995 වසරේදීය. අයවැය සම්මත කිරීම කල් දැමීම හේතුවෙන් ඇමෙරිකානුවන් ලක්ෂ 7 කට වැඩි පිරිසකට වැටුප් ගෙවීමේ දී ගැටලූ මතු වී තිබෙන බව ද පැවැසෙයි.
සෑම වසරකම ඔක්තෝබර් පළමු වැනිදා වන විට ඇමෙරිකාවේ වාර්ෂික අයවැය සම්මත කර ගත යුතුව ඇති අතර, එසේ නොකළහොත් ස්වංකී‍්‍රයව රජයේ අත්‍යාවශ්‍ය නොවන සේවා ආයතන වසා දැමීම සිදුවෙයි. එම ආයතනවල සේවක සේවිකාවක්ට වැටුප් රහිත නිවාඩු හිමිවෙයි.
පෙරේදා සිට එසේ වසා දැමුණු ආයතන වන්නේ, ඇමෙරිකානු රජය යටතේ පවතින උද්‍යාන මෙන්ම වෙළෙඳ සහ මූල්‍ය ආයතනය. ආරක්ෂක සේවා සහ සෞඛ්‍ය සේවා ආදී අත්‍යාවශ්‍ය සේවා දිගටම කි‍්‍රයාත්මක වෙයි. අර්බුදය කඩිනමින් විසඳා ගෙන අයවැය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත්, එම ආයතනවලට ද බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතී.
2008 වසරේදී, ජනපති ඔබාමා දුන් ඡන්ද පොරොන්දුවකට අනුව, සෞඛ්‍ය ආරක්ෂක පනත සකස් කළේ ඇමෙරිකානු ජනතාවට වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා දීමටය. එහෙත් ප්‍රතිවාදී රිපබ්ලිකන්වරු කියා සිටින්නේ එම පනත සම්බන්ධයෙන් සංශෝධන සිදුවිය යුතු බවය. හටගෙන ඇති අයවැය අර්බුදය සම්බන්ධයෙන් ජනපති ඔබාමා, රිපබ්ලිකන් පාක්ෂිකයන්ට චෝදනා කරන්නේ ඔවුන්, සෞඛ්‍ය ආරක්ෂක පනත මුල්කොට ගනිමින් ජනතාව අමාරුවේ දමා කප්පම් ගැනීමක් කරන බවය.
|
ඇමෙරිකාවේ සංචාරක ආකර්ශනයක් වන ලිබර්ටි ප්‍රතිමාව පිහිටි ලිබර්ටි දුපත ද වසා දමා ඇත. |
|
මාටින් ලූතර් කිංග් උද්‍යානය ද වසා දැමීමට බලධාරීහු පියවර ගත් අයුරු |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණු හරියට දැනගෙන ප්‍රතිචාර දක්වන්න.සෞඛ්‍ය සේවාවට සල්ලි නැතුව නෙමෙයි ආර්ථිකය නවත්වලා තියෙන්නේ.අත්‍යවශ්‍ය සේවා තවමත් කරගෙන යනවා.පුද්ගලික අංශය සක්‍රීයයි.කොටස් වෙළෙඳපොල හොඳින් ක්‍රියාත්මකයි. (නි)
ඔය ඇමෙරිකාව වැටුණහම අනෙකුත් රටවල් වැටෙනවා කියන්නේ බොරුවක්.ඒ බොරුව දියුණු රටවල් හදාගෙන තියෙන්නේ තමන්ගේ ආර්ථිකය ආරක්ෂාකර ගන්න. (නි)
ලෝකය සූරා කාලා කාපුවා වමාරන්න කාලය හරිද ? (නි)
ජිප්සිස්ලගේ සිංදුව මතක් වුණා (නි)
මෙතුමලා රටේ ගැටළු බෙදා ගන්න නොහැකිව ඉන්න ගමන් අනික් රටවල් වල ආර්ථික ගැන හොටදානවා. (නි)
සුද්දෝ කරන්නේ මුළු ලෝකයම රවට්ටන එක. එදා ඉඳලම කලේ ඒක. ඇමරිකාව වැටුනට ලෝකයම වැටෙන්නේ නෑ . ඒ වගේම ඇමෙරිකාව වැටෙන්නෙත් නෑ .(නදී)
අැමරිකාවේ අාර්ථිකය කඩා වැටුණොත් ලංකාවට බලපානවා කියන්නේ හරියට කොටින් සමග යුද්ධය අපිට දිනන්න බෑයි කිවුවා වගේ කතාවක් (නි)
දැන් ඉතින් මෙහෙමවත් ගයමු... අයවැය සම්මත නොමවී පඩි නොදුන්නේ මොන රටේද, ලංකාවේ ලංකාවේ... ලංකාවේ එහෙම වුණත් ඇමෙරිකාවේ එහෙම වෙන්නේ නෑ. (නි)
ඇමරිකාවේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නදී)
අනිත් රටවල් හූරගෙන කාලා සුර සැප විදින එක ටික දවසකට නතරවෙලා (නි)
ශලිනි, ඔයාට හරි දුකයි වගේ. එතකොට ලක්ෂ 7 පඩි නැතුව නිවාඩු දීලා තියෙන්නේ ඇයි දන්නේ නැහැ. පොඩි වෙනසකට වෙන්න ඇති. අනේ යන්න නංගී යන්න! (නි)
ඇමරිකාවට ප්‍රශ්නයක් නම් අපිට කියන්න. අපි ඕවා විසඳලා දෙන්නම්. (නි)
රනා හරියටම හරි (නි)
ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ ! (නි)
ඔබමාට කරන්න තිබෙන්නේ මුලින්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දීලා, මුදල් ටිකක් දීලා ඔබාමාගේ පැත්තට අරගෙන අය වැය සම්මත කරගන්න (නි)
කනාට කිරේ පාට සුදු කිව්වට හ්ම්ම් විතරයිලු. (නි)
ඉන්දික,මෝඩයෙක් වුණාට උම්බෑ කියන්න එපා.ඒ අනිවාර්ය නිවාඩු යවලා තියෙන්නේ අත්‍යවශ්‍ය නොවන සේවා වල අය.ඇමරිකානු ආර්ථිකයේ එන්ජිම වෙන්නේ පුද්ගලික අංශය. (නි)
ජනපති ඔබාමට ටිකක් සිතන්න හොද දෙයක් (නි)
ඇමෙරිකාවේ ආර්ථික බලපෑම ලංකාවටත් දැනෙයි. එම නිසා ඇමරිකාවට ගරහන්න එපා. අපි වැඩිහරියක් බදුඅපනයනය කරලා විදේශ විනිමයක් හොයා ගන්නේ අමෙරිකාවෙන් (අ).
ශක්තිමත් විපක්ෂයක් තිබීමේ ප්‍රතිපල තමයි ඔය ඔබාමා අත් විදින්නේ (නි)
අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන්න ගියාම ඔය ටික වෙන බව එතුමා දන්නේ නැතිව ඇති. (ස)
ඇමෙරිකාවේ ආර්ථිකය කඩාවැටෙත්ව අපේ රුපියලට නිසිතැනක් ලැබෙත්වා. (දී)
ලංකා රුපියල දිනේවා
මුළු ලෝකේ වටේ හමුදාවල් දදා අපේ රට ඇතුලේ ඉන්න හමුදාව අයින් කරන්න කියන ඇමරිකාවට සාප වේවා !!! (ස)
මම යෝජනා කරනවා ලංකාවේ මහා බැංකුවෙන් උපදෙස් ගන්න කියලා. අපට කිසිම අයවැය ප්‍රශ්න නැහැ. ඔක්කොම තියෙන්නේ උත්තර විතරයි. (ස)
ධනය බලය සැමදාම තමන් ළඟම රැඳෙන්නෑ.හැබැයි කල, කරන හොඳ නරක මලත් පස්සෙන්ම එනවා.හැකිනම් ඔබාමා මහත්තයා තමන් ගැන හිතන ආකාරයටම ලෝකෙම මිනිස්සු ගැන හිතන්න. (ස)
අපි එළුවා දිහා බලාගෙන හිටියට වැඩක් නැහැ. අන්තිමට අපිට අපි විතරයි. (ස)
අපේ මහ බැංකුවෙන් ඕන නම් ණයක් දෙන්නම්. ඒ ගැන කාටවත් කියන්න ඕන නෑ.... (ස)
ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ ! වෙන රටවලට ගිහිල්ලා ගහන්න සල්ලි තියෙනවා. සෞඛ්‍ය පනතට සල්ලි නැහැ! (ස)
අලියට වාතයක් ගියා වගේ...ගානක් ණෑ.... (ස)
මුළු ඇමෙරිකාවම වහලා දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. (නි)
ඔබාමා මොකද කල්පනාව? සිරියාවටවත් ගහන්නද? ජනපති පුටින්ට ජයවේවා! (නි)
ඇමරිකාව වැටුනොත් මුලු ලෝකෙටම බලපානවා,මොනවා වුනත් ඇමරිකාවට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට හුගක් ස්වාබාවික සම්පත් තිබෙනවා.මේ තත්වය ඔබාමාගේ හෙල්ත් කෙයාර් ප්ලෑන් එකට විරුද්ධවයි ,සෙනට් සබාවේ අනුමැතිය නැතුව මොකුත් කරන්න බැහැ.කොහොම හරි ඇමරිකාව ඒගොල්ලන්ගේ වැඩ කරගනි (නි)