මැලේසියාවේ අතුරුදන්වූ එම් එච් 370 යානය එහි ගුවන් නියමුවා විසින් සිතා මතා මුහුදට පැදවූ බවට සාධක ඇති බවට අනතුර සම්බන්ධ විමර්ශන කමිටුවේ විශේෂඥයකු හෙළිකර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
200 දෙනකුගෙන් යුත් විශේෂ විමර්ශන කණ්ඩායමේ නායක ලැරී වෑන්ස් එසේ ප්‍රකාශ කර ඇති අතර දැනට හමුවී ඇති යානයේ සුන්බුන් කොටස් පරීක්ෂා කිරීමෙන් පසු එම නිගමනයට එළැඹ ඇතැයි ඔහු කියා ඇත.
2014 මාර්තු මාසයේ දී ක්වාලාලාම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා එම යානය මගීන් 239 දෙනකු සමග පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ අතර එහි සුන්බුන් බවට සැක කරන කොටස් පසුගිය මාස කිහිපයක දී සාගරයේ තිබී සොයා ගැනිණි.
මෙම කරුණු මෙතෙක් තහවුරු කරගෙන නැති බවත් යානය අතුරුදන්වන මොහොත දක්වා එහි පාලනය ගුවන් නියමුවා අත පැවතියේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවද විශේෂ විමර්ශන කමිටුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාරණය මත ඉදිරියේදී කිසිම දෙයක් තනි කෙනෙකුගේ පාලනයට නොදිය යුතුයි. තමන්ගේ තීරණයට වැඩ කරන්න ගියාම වෙන්නේ මහා විනාශයක්. මේකත් හරියට ලංකාවේ දේශපාලනය වගේ. දේශපාලුවොත් අනුන්ගේ ඡන්දෙන් බලයට විත් තමන්ගේ තනි මතයට වැඩකරලා මුළු රටම විනාශ කරනවා (නි)
අශිකා ඔබේ කියමන නම් 100%ක් ඇත්ත මහජන කතිරෙන් පත්වෙන ජනාධිපති ඇතුළු අගමැතිට නොතෙරෙනු තැන අපිවත් මතක් කරලා දෙමු. අපේ කතිරෙන් එයාල රජකරන්නේ අඩු තරමේ අපේ වචනයකටවත් ඇහුම් කන් නොදී ? මේ සියලුම පාලකයෝ දැනගත යුතුයි රටේ සියලුම නව තීරණ යෝජනා ගන්නා විට . දියුණු රටවල මෙන් ඒ රටේ ජනතාවගේ කැමැත්තට වැඩි තැනක් දියයුතු බව...? (බ)
ඇත්තම ඇත්ත තමා. ඇමෙරිකාවේ නම් තනි මතයට මොන පාලකයාවත් කටයුතු කරන්නේ නැහැ. බද්ද දානකොට වුණත් කල්ඇතුව මහජන අනුමැතියට දානවා ඡන්දෙ වෙලාවට. ණයක් ගන්නකොට හරි රජයේ වෙනත් කටයුත්තකට වුණත් පුරවැසි අනුමැතිය ගන්නවා. මේගැන කියන්න ගොඩක් දේවල් තියනවා. එ්ත් මේ වෙලාවේ අවශ්‍ය නැහැ. හැබැයි එහි ඉන්න දේශපාලකයෝ උගත් හා කිසියම් පරිණතභාවයක් තියන අය. ආවට ගියාට මුඛය පාවිච්චි කරන්නේ නැහැ (නි)
ජනහිත කියපු කතාව ගැන මමත් පිලි ගන්නවා. ධනවාදී කියා කියා වැදී බණ කියන්නේ නැතුව ඇමෙරිකාවේ තිබෙන අපට සුදුසු යයි සිතෙන ප්‍රතිපත්ති ආදර්ශයට ගන්නවා නම් අපේ රටට මෙහෙම නොවෙන බව විශ්වාසයි.(ම)