එවරස්ට් කදු මුදුන තරණය කළ ලොව වයස්ගතම පුද්ගලයා වීමේ වාර්තාව හිමිකර ගැනීමට අසූ වියැති ජපාන ජාතිකයෙක් පසුගියදා සමත් විය.
අඩි 29,035 ක් උස එවරස්ට් කදු මුදුන තරණය කර මිීට පෙර මේ වාර්තාව සතුකර ගෙන සිටියේ 76 වියැති නේපාල ජාතිකයෙකි.
යුචිරෝ මියුරා නම් වන මේ ජපාන ජාතිකයා මිීට පෙර අවස්ථා 2 කදීම එවරස්ට් කදු මුදුන තරණය කර ඇත. එවකදී ඔහුගේ වයස අවුරුදු 75 ක් විය.එවරස්ට් කදු මුදුන තරණය කළ වයස්ගතම පුද්ගලයා වීමේ වාර්තාව හිමිකරගැනීමේ වාසනාව අතපොවන මානයේ පැවැතියද එය මියුරාට අහිමි වූයේ පෙර කී නේපාල ජාතිකයා මියුරාට දිනකට පෙර එවරස්ට් කන්ද තරණය කර තිබීම නිසාවෙනි.
උත්සාහය අතනොහැරි මියුරා කල්යල් බලා නැවත උත්සාහ කර අවසානයේ වාර්තාව තමන් අතට හිමිකර ගැනීමට සමත්ව තිබේ. ‘මම කොහොමහරි ඒක කළා.වයස අවුරුදු අසූවක් වුනත් මට තාම වැඩ පුලූවන් බව මම පෙන්නුවා‘ යැයි ඔහු පවසයි.
මියුරාගේ මේ වාරතාව වැඩිකල් පවතිීද යන්නනම් සැක සහිතය.ඒ මේ ගැන දැනගත් විගස අසූඑක්හැවිරිදි නේපාල ජාතිකයෙක් එළැඹෙන සතියේ තමන් එවරස්ට් කදු මුදුන තරණය කරණ බව නිවේදනය කර ඇති හෙයිනි.
2025 දෙසැම්බර් මස 04
273
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
389
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
80 දී එවරස්ට් නගී