IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හවුල් පක්ෂවල දළදඬු ප‍්‍රතිපත්ති ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට බාධාවක්

රජය අපේක්ෂා කරන නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක කිරීම අපහසු වී ඇත්තේ තම සභාග රජයට අයත් ඇතැම් පක්ෂවල දළදඬු ප‍්‍රතිපත්ති නිසා යැයි ඉන්දීය අගමැති මන්මෝහන් සිං පෙරේදා (19) පාර්ලිමේන්තුව ඇමැතූ අවස්ථාවේදී ප‍්‍රකාශ කළේය. අගමැති සිංගේ එම ප‍්‍රකාශය, ඉකුත් ඉරිදා (18) ඉන්දීය දුම්රිය සේවා ඇමැති දිනේෂ් ති‍්‍රවේදි ඉල්ලා අස්වීමේ සිද්ධියට ප‍්‍රතිචාර දැක්වීමකි. ති‍්‍රවේදි, ඉන්දියාවේ කුඩා පක්ෂයක් වන තෘණමූල පක්ෂයේ මන්තී‍්‍රවරයෙකි. බටහිර බෙංගාල මහ ඇමැතිනී මම්තා බෙනර්ජිගේ නායකත්වයෙන් යුත් තෘණමූල පක්ෂය ඉන්දීය සභාග රජයේ කොටස්කරුවෙක් ද වේ. සභාග රජයේ සියලූම පක්ෂවලට පිළිගත හැකි අයුරින් ආර්ථික ප‍්‍රතිපත්ති සකස් කළ යුතු යැයි පැවැසූ අගමැති සිං වැඩි දුරටත් කියා සිටියේ දුම්රිය සේවය පිළිබඳ අයවැය සකස් කිරීමේදී හටගත් මතභේද නිසා ඇමැති ති‍්‍රවේදි ඉල්ලා අස්වූ බවය. ඉන්දීය රජය, භාණ්ඩ මිල සහ දුම්රිය ගාස්තු වැඩි කිරීම දුප්පතාට එරෙහි වීමක් යැයි මම්තා බෙනර්ජි පවසා ඇති අතර තෘණමූල පක්ෂයේ ද බෙදීමක් හට ගෙන ඇතැයි වාර්තා වේ. ති‍්‍රවේදි ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත්තේ ද බෙනර්ජිගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි. කෙසේ නමුත් ති‍්‍රවේදිගේ ඉල්ලා අස් වීම ඉතා කනගාටුවෙන් බාරගත් බව ද අගමැති සිං වැඩි දුරටත් කියා සිටියේය. ආසියාවේ දෙවැනි විශාලතම ආර්ථික බලවතා වන්නේ ඉන්දියාවය. ඉන්දියාවේ නව ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට සහාය දෙන්නැයි අගමැතිවරයා පක්ෂ විපක්ෂ සියල්ලන්ගෙන්ම ඉල්ලීමක් ද කළේය. පටු අදහස් පසෙකලා ජාතියක් වශයෙන් සියල්ලන්ම එකමුතු වීමට කාලය එළැඹ ඇතැයි ද අගමැති සිං අවධාරණය කළේය.



අදහස් (0)

හවුල් පක්ෂවල දළදඬු ප‍්‍රතිපත්ති ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට බාධාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 757 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site