IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


හිලරි ක්ලින්ටන් ඉන්දියාවේ සංචාරයක

ලොව ප‍්‍රබලම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් දෙකක් ලෙස සැලකෙන ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ඇමෙරිකානු රාජ්‍යලේකම් හිලරි ක්ලින්ටන් නිල සංචාරයක් සඳහා ඊයේ(06) ඉන්දියාවට පැමිණියාය. මෙම සංචාරයේදී දෙරට අතර වෙළෙඳ ගනුදෙනු සහ අධ්‍යාපනික සහයෝගීතාව නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ඇය පැවසුවාය. ආසියාවේ ආරක්ෂාව සහ ස්ථාවරභාවය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉන්දියාව මූලෝපායික වශයෙන් වැදගත් පාර්ශවකරුවකු ලෙස ඇමෙරිකාවට වැදගත් වන බව ක්ලින්ටන් වැඩිදුරටත් පැවසුවාය. ඇය ඉන්දියාවට පැමිණ සිටින්නේ ඉරාන වෙළෙඳ නියෝජිත පිරිසක් මේ සති අන්තයේදී ඉන්දියාවට පැමිණීමට සූදානම්ව සිටින මොහොතකය. ඇමෙරිකාවට මේ වනවිට අවස්ථා කිහිපයකදීම ඉරාන-ඉන්දීය තෙල් ගනුදෙනු සම්බන්ධයෙන් සිය අප‍්‍රසාදය පළ කර ඇති අතර ඉරානය සම්බන්ධයෙන් සම්බාධක ද පනවා ඇත.



අදහස් (0)

හිලරි ක්ලින්ටන් ඉන්දියාවේ සංචාරයක

ශ්‍රීලාල් Tuesday, 08 May 2012 03:38 AM

අනේ මන්දා තමන්ගේ රටවල් වල වැඩ නැද්ද කියලා

:       0       0

සුභාෂිණි Monday, 07 May 2012 12:21 PM

ඉන්දියාවේ න්‍යෂ්ඨික බලාගාර නිරීක්ෂණය කරන්න වෙන්න ඇති

:       0       0

ලලිත් Monday, 07 May 2012 09:01 PM

ලංකාවට තවත් ලෙඩක් වැටෙයි වද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 28 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site