චිත්‍ර කලාව හදාරන සිසුන් පිරිසක් ලෙස පෙනී සිටි සොර මුලක් දකුණු අපි්‍රකාවේ කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා තිබූ චිත්‍ර සමූහයක් සොරා ගෙන ගොස් ඇතැයි වාර්තා වේ. එම චිත්‍ර වල වටිනාකම ඇමෙරිකා ඩොලර් ලක්ෂ 20 (රුපියල් ලක්ෂ 2640) ඉක්මවන බව සදහන් වේ. චිත්‍ර කලාව හදාරන සිසුන් ලෙස පවසමින් කෞතුකාගාරයට ඇතුළු වී ඇති සොරුන් චිත්‍ර කිහිපයක නම් සදහන් කරමින් තමන්ට ඒවා නැරැඹිමට අවශ්‍ය බව පවසා ඇත. ඒවා පෙන්වීමට ඔවුන් කැදවාගෙන යන අවස්ථාවේ සගවාගෙන සිටි ගිනි අවි එළියට ගෙන ඇති සොරුන් කෞතුකාගාරයේ සිටියවුන් බිය ගන්වා ඔවුන් ගැට ගසා චිත්‍රද රැගෙන පලා ගොස් තිබේ. කෞතුකාගාරයේ තිබූ චිත්‍ර අතුරින් සොරුන් රැගෙන ගොස් ඇත්තේ තෙල් සායමින් අඳින ලද චිත්‍ර බව කෞතුකාගාර ආරංචි මාර්ග කියයි. සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුම්වත් කර ඇති අතර සොරුන්ට රටින් පිටවීමට ඇති මාර්ගද ඇහිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. (කෝ වි ගු)
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙනම් මෙච්චර කරදර වෙන්න ඕනි නෑ .අපේ අය ගෙන් කලින් උපදෙස් ගන්න තිබුණේ (ස)
මම හිතුවා හරි. මේවා ලංකාවෙන් දුන්න් ආදර්ශ. (ස)
අපේ රටේ වෙච්ච දේ වගේ නෙමෙයි . මේක විශ්වාස කරන්න පුළුවන් දෙයක් (ස)
1.ලංකාව 2. ස්පාඤ්ඤය 3. දකුණු අප්‍රිකාව (නි)
අහල පහල බීඩි කොට තියෙනවද ?? (ස)
හොඳ වෙලාවට කඩු අරන් ගිහින් නෑ (ස)
ඒකනම් ඉතින් හොරකමක් තමා . ඒ උනාට මෙහෙ එහෙම නෙමෙයිනේ වෙන්නෙ????(ස)