හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස්ගේ ඝාතනය කළේ 28 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් බවත්, ඇමෙරිකානුවන් සහ කොලොම්බියානුවන් ඊට අයත් බවත් හයිටි පොලිසිය කියයි.
එම 28 දෙනාගෙන් 8 දෙනකු තවමත් නිදැල්ලේ පසුවන බවත් ඔවුන් අල්ලා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වන බවතක් හයිටි පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත.
'ජනාධිපතිවරයා ඝාතනයට පැමිණි ඝාතන කල්ලියට 28 දෙනකු සිටිනවා. ඔවුන්ගෙන් 26 දෙනකු කොලොම්බියානුවන් බව හඳුනා ගැනුනා. ඉතිරි දෙදෙනා ඇමෙරිකානුවන්. ඒම ඇමෙරිකානුවන් දෙදෙනාත් කොලොම්බියානුවන් කිහිප දෙනකුත් ජීවග්‍රහයෙන් අල්ලා ගත්තා. ඔවුන් ප්‍රහාරයට භාවිත කළ අති නවීන ගිනි අවි සොයා ගැනීමට හැකිවුණා. ඝාතන කණ්ඩායමේ සෙසු පිරිස පොලිස් වෙඩි තැබීමෙන් මියගියා. තවත් 8 දෙනකු තවත් නිදැල්ලේ' යැයි ලියොන් චාල්ස් මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළේය.
ජොවෙනෙල් මොයිස්ගේ ඝාතනයත් සමඟ ක්‍රියාකාරී පාර්ලිමේන්තුවක් ද නොමැති හයිටි රාජ්‍යයේ රාජ්‍ය පාලන කටයුතු බාරගෙන ඇත්තේ අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන ක්ලෝඩ් ජොසෙප් ය.
දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජොවෙනෙල් මොයිස් ඝාතනයත් සමඟ හයිටිය තව තවත් දේශපාලනික වශයෙන් අස්ථාවර වී ඇති බවය.
(රොයිටර්)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.