හිමාල ප්‍රාන්තයේ දැවැන්ත භූ කම්පනයක් සිදුවිය හැකිබව ඉන්දියාවේ විද්‍යාඥ කණ්ඩායමක් විසින් සිදු කරන ලද නව අධ්‍යනයකින් හෙළි වී ඇත. මෙය නව අනතුරු ඇඟවීමක් බව පර්යේෂණය සිදුකළ විද්‍යාඥයෝ පැවසූහ.
උසස් විද්‍යාත්මක පර්යේෂණ, ජවහර්ලාල් නේරු මධ්‍යස්ථානයේ භූ විද්‍යා ජනරාල් භූ විද්‍යාඥ සී.පී රාජේන්ද්‍ර ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසින් මෙම අධ්‍යයනය ප්‍රකාශයට පත්කර ඇත.
මෙම භූකම්පනය රික්ට(ර්) මාපක 8.5 ක් හෝ ඊට ඉහළ ප‍්‍රබලත්වයකින් ඇතිවිය හැකි බව අනතුරු අඟවා ඇත. එය බොහෝවිට ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ සිට බටහිර නේපාල දේශසීමාවේ ඇතිවිය හැකිබව පර්යේෂකයෝ පවසති.
2015 දී 9000ට අධික මිනිස්සු ප්‍රමාණයක් මියගිය රික්ට (ර්) මාපක 8.1 විශාලත්වයෙන් යුතු නේපාල් භූ කම්පනය සහ 2001 දී 13,000 අධික පමාණයක් මියගිය රික්ට(ර්) මාපක 7.7 විශාලත්වයෙන් යුතු ගුජරාටි භූ කම්පනයට සමාන බලපෑමක් ඇතිවිය හැකි බව සන්සන්දනාත්මකව විමසීමේදී අනාවැකි පලකළ හැකිබව ඔවුන් පවසති.
භූවිද්‍යාත්මක සාධක, සිතියම් අධ්‍යයනය, භූ විද්‍යාත්මක මිනුම්, ඉන්දියාවේ සහ පෘථිවියේ අභ්‍යාවකාශ ඡායාරූප අධ්‍යයනයන් මෙම පර්යේෂණ නිගමනයන්ට පදනම වී ඇත.
(63226)
COMMENTS
අනේ සිද්ධවෙන තැන දින වකවානු හරියට කියනවනම්, අපේ ගරු කටයුතු උත්තමයෝ රැලක් ඉන්නවා පවුල් පිටින්ටි ජනතාවගේ මුදලින් සංචරෙකට යවන්න.