සඳ මත හදුනාගෙන ඇති අද්භූත වස්තුවක් මේ දිනවල අන්තර්ජාලයේ කතාබහට ලක්වේ.
ගූගල් සමාගමේ ‘ගූගල් මූන්‘ සේවාවෙන් ලබාගෙන ඇති ඡායාරූපයක ත්‍රිකෝණාකාර හැඩයෙන් යුත් වස්තුවකි.
එම වස්තුව හදුනානොගත් අභ්‍යාවකාශ යානයක් විය හැකියැයි බොහොදෙනා විශ්වාස කරති.
ගූගල් සමාගම සපයන ‘ගූගල් මූන්‘ සේවාව එම සමාගම සපයන ‘ගූගල් අර්ත්‘ සේවාව හා සමාන වන අතර ගූගල් අර්ත්හි ඇති පෘථීවියේ පින්තූර වෙනුවට ගූගල් මූන් සේවයෙන් සැපයෙන්නේ නොයෙකුත් චන්ද්‍රිකා ආධාරයෙන් ගත් සඳ මත ඡායාරූපයන්ය. එම ඡායාරූප නිරීක්ෂණය කර ඇතැයි පැවසෙන අන්තර්ජාල පරිශීලකයෙකුගේ ඇසට මෙම වස්තුව හසුවී ඇත.
එම වස්තුව පිහිටන අක්ෂාංශ දේශාංශ පවා හුවමාරු කිරීමට ඔහු කටයුතු කර තිබේ.අවශ්‍ය අයෙකු වේ නම් උතුරු අක්ෂාංශ 22042 38 නැගෙනහිර දේශාංශ 142034 44 ගගූගල් මූන් සේවාවට ඇතුළත් කිරීමෙන් අදාළ වස්තුව සහිත ප්‍රදේශය නිරීක්ෂණය කළ හැකියි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මෙතෙක් ඉදිරිපත් වී නොමැත.පිටසක්වල ජීවයක් පවතී යැයි ප්‍රතික්ෂේප කරන්නවුනගේ මතය වනුයේ මෙයත් පෙර අවස්ථා බොහෝමයකදී හෙළිවූ පරිදි තවත් ඡායාරූප උපක්‍රමයක් බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.