රට හුදකලා වීම අවසන් කරන බව තම දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දෙමින් ඉරාන ජනාධිපති හසින් රොව්හානි මහතා ප්‍රකාශ කළේය.

ඉරානයේ ශ්‍රේෂ්ඨ නායක අයතොල්ලා අල් කමේනි මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව ඉරාන ජනාධිපතිවරයා ඒ බව කීවේය.

“අපි කිසිදු අවස්ථාවකදී හුදකලා වීම අනුමත කරන්නේ නැහැ, සහයෝගය සහ එකමුතුව අවශ්‍යයි. ඉරානය සමඟ සබඳතා පවත්වන්න සූදානම් සියලු දෙනාට මා දෑත දිගු කරනවා” යැයි ඒ මහතා කීය.

බටහිර රටවල් සමග නව සබඳතා ගොඩනගා ගැනීමට අපේක්ෂා කරන බව ඉරාන ජනාධිපති හසන් රොව්හානි මහතා ප්‍රකාශ කළේය.

ඉරාන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඇමෙරිකා ජනාධිපතිවරයා ඉරානයට සම්බාධක පනවා පැය 24ක් යන්නට මත්තෙනි. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ඉරා දමන බවට ද ඇමෙරිකා ජනාධිපතිවරයා තර්ජනය කර තිබේ.

055