වෙළද පොළට නිකුත් කිරීමට ප‍්‍රථමයෙන් රස කැවිලි වල සාම්පල රස බැලීමට දෙන කර්මාන්තශාලාවක් ජපානයේ සන්ඩා නගරයේ පිහිටා තිබේ.නොමිලයේම ලැබෙන එම අවස්ථාවට හිමිකම් ඇත්තේ කුඩා දරුවන්ටම පමණි.

දරුවන් කර්මාන්තශාලාව කරා රැුගෙන එන දෙමව්පියන්ට එහි ඇතුළු වීමට අවසර නොමැත

.අවසර තිබුණද ඇතුලූ වීමටත් නොහැක්කේ දොර කුඩා දරුවන්ගේ ප‍්‍රමාණයට සාදා ඇති බැවිනි.තම දෙමව්පියන්ට සමුදී කර්මාන්තශාලාවට ඇතුල් වන කුඩා දරුවන් පිවිසෙන්නේ රස කැවිලි වලින් පිරුණු ලෝකයකටය.වෙළදපොළට පවා තවමත් නිකුත් කර නොමැති ‘‘උණු උණු‘‘ රසකැවිලි ඔවුන් ඉදිරියේ ඇත.බලා සැනසීමට නොව ඒවාගේ රසය විදගෙනම සැනසීමට කුඩා දරුවන්ට අවස්ථාව හිමිය.

ඇති පදම් කාබී කුඩාවුන් කර්මාන්තශාලාවෙන් පිටවන්නේ ඔවුන් එන තුරු බලාසිටින දෙමව්පියන් වෙතටය.ඔවුන්ගේ තුරුල්ලට යන කුඩාවුන් කර්මාන්තශාලාවේ තමන් කළ කීදේ ගැන තෝරතෝචියක් නැතිවම කියවයි.

මේ දෙස බලා සතුටුවන්නේ කර්මාන්තශාලාවේ හිමිකරු වන ජපන් ජාතික සුමුසු කොයමාය.

‘‘මේ කාලයේ දෙමව්පියන්ට තමන්ගේම දරුවන් එක්ක පොඞ්ඩක් කතා බහ කරන්න වෙලාව නැහැ.ඒක කුඩාවුන්ට කරන අසාධාරණයක්.මම උත්සාහ කළේ මේ වගේ අවස්ථාවක් දිලා හරි ඔවුන්ට තමන්ගේ දෙමව්පියන් එක්කත්,දෙමව්පියන්ට ඔවුන් එක්කත් අදහස් හුවමාරු කරගන්න ඉඩ සළස්වා දීමයි.මට හරිම සතුටුයි දරුවන් තමන්ගේ දෙමව්පියන්ගේ අත්වල එල්ලිලා කර්මාන්තශාලාව ඇතුලේදී ඔවුන් කාපු බීපු ඒවා ගැන කියව කියව යනවා දකිනකොට‘‘ ඔහු කියයි.