අඟහරුවාදා එංගලන්තය පුරා පැයට සැතපුම් 108 ක වේගයෙන් හඹාගිය මාරක සුළි සුළඟක් නිසා තිදෙනෙක් මරුමුවට පත්වී දේපළ විනාශයක් සිදුවී ඇත.
ලන්ඩන් නුවර ධන කුවෙරයින් පදිංචිව ඉන්නා ප්‍රදේශයක් ලෙසට ප්‍රකට කෙන්සින්ටන්හි සුවිසල් ගහක් කඩාවැටී කාන්තාවක් මරුමුවට පත් විය. එසෙක්ස් ප්‍රන්තයේ කැන්වී නගරයේ නවතා තිබු වාහනයක් මන්දමාරුතයට අසුවී ගහාගෙන ගිය අතර එයට යට වුණ පුද්ගලයෙකු මරුමුවට පත්විය.
ලිවර්පුල් නගරයේ වාහනයක් පාලමක ගැටී පෙරලීයාමෙන් එහි ගමන්කළ 63 හැවිරිදි තැනැත්තෙකු මරුමුවට පත්විය.
මේ අතර දිවයින පුරා අධික වර්ෂාපතනයක් පැවති අතර දුම්රිය, ගුවන් ගමන් ඇතුළු ගමනා ගමන පද්ධතියේ විශාල ගැටළු රාශියක් ඇති විය.
එංගලන්තයේ ප්‍රධාන මෙන්ම ලෝකයේ කාර්යබහුල ගුවන් තොටුපලක් වන හීත්රෝ හි ගුවන් ගමන් බොහෝ සංඛ්‍යාවක්ද අවලංගුකර ඇත.
මෙම කාලගුණ තත්වය බදාදා වනවිට සුභදායක තත්වයකට පත්වනු ඇති වාර්තාවෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ද මාරුතයට අහුවෙලා වාහනයක් ගහගෙන ගියා ඇහුවමයි (නදී)
මේ දවස් වල ඔය වගේ තමයි.පරිස්සමින් අවධානයෙන් ඉන්න.(හේ)
"මේ අතර දිවයින පුරා අධික වර්ෂාපතනයක් පැවති අතර දුම්රිය, ගුවන් ගමන් ඇතුළු ගමනා ගමන පද්ධතියේ විශාල ගැටළු රාශියක් ඇති විය" එංගලන්තය දිවයිනක්ද?
වේලාව අපුවාම යන්න වෙනවා.(හේ)