IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සහාය නියමුවා යානය පැහැරගනී

ඉතියෝපියාවේ සිට රෝමය දක්වා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් එහි සිටි ඉතියෝපියා  ජාතික සහාය නියමුවා මුල්වී පැහැර ගෙන ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ගොඩබස්වා ඇති සිදුවීමක් වාර්තා වේ.

යානයේ ප්‍රධාන නියමුවා වැසිකිළියට ගිය විටෙකදී නියමු කුටියේ දොර අගුලූ ලා අවහිර කර ඇති මේ සහය නියමුවා යානයේ පාලනය තමන් අතට ගෙන ඇතැයි සදහන්ය.මේ අවස්ථාවේ යානය තිබී ඇත්තේ ඉතාලි ගුවන් සීමාවේ වන අතර ඉන්ධන ලබා ගැනීමට යන්නේ යැයි පවසා ඇති සහය නියමුවා හදිසියේවත් යානය පැහැරගැනීමකට ලක්වුවහොත් කි්‍රයාත්මක කිරීමට ඇති හදිසි අනතුරු දැනවීමේ සංඥාවද කි්‍රයාත්මක කර ඇත.මේ බව දැනගත් වහාම අහසට නැඟ ඇති ඉතාලි ප්‍රහාරක යානා 2ක් මගී ගුවන් යානාය ඉතාලි ගුවන් පථයෙන් පිටතට යොමුකරවා ස්විට්සර්ලන්තය බලා පියාසර කරවා ඇතැයි දැක්වේ.

ගුවන් යානය ස්විට්සර්ලන්තයේ ජිනීවා ගුවන්තොටට ගොඩබැස්වා තිඛෙන අතර එහි එන්ජින් නිවා දමා නියමු කුටියේ කවුලූවක් ඇරගෙන එයින් පිටතට පැමිණි සහය නියමුවා කඹයක ආධාරයෙන් බිමට බැස ‘පැහැරගනු ලැබූ‘ගුවන්යානය පිළිගැනීමට සිටි ස්විට්සර්ලන්ත ආරක්ෂක භටයින් කරා ‘මම තමයි ගුවන්යානය පැහැර ගත්තේ. මට ඉතියෝපියාවේ ජීවත් වන්න බැහැ.මට රැකවරණය අවශ්‍යයි‘ යැයි පවසමින් දිව ගිය බව වාර්තාවන්හි සදහන්ය.

මේ සා දෙයක් ගුවන්යානයේ මගීන් ඒ වන තෙක්ම දැන සිට නැත.

ස්විට්සර්ලන්ත බලධාරීන් පවසන්නේ ගුවන් නියමුවාට රැකවරණය ලැබේයැයි විශ්වාස කළ නොහැකි බවයි.ගුවන් යානයක් පැහැර ගැනීම යනු බරපතල ගණයේ අපරාධයක් හෙයින් අධිකරණය ඔහු වැරදිකරු යැයි තීරණය කළහොත් වසර 20 ක සිර දඩුවමක් ඔහුට පැනවෙනු ඇතැයි බළධාරීන් කියයි.

‘පැහැර ගැනීමට‘ ලක්වූ මගීන් 202 දෙනාම හා කාර්යමණ්ඩලයට කිසිදු අනතුරක් සිදුව නැතැයි ඉතියෝපියා ගුවන් සේවය සහතික කර තිඛෙන අතර ඔවුන්ව වහාම ඔවුන්ගේ ගමනාන්තයන් බලා පිටත් කර හැරීමට කටයුතු කරමින් සිටිනා බවද පවසා තිබේ.



අදහස් (0)

සහාය නියමුවා යානය පැහැරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site