සවුදි අරාබි රජයේ වෙබ්අඩවිවල මුල් පිටුවේ ඇල්ජීරියානු ධජය ප‍්‍රදර්ශනය කරමින් එම වෙබ්අඩවිවලට පරිගණක දත්ත සොරුන් විසින් සයිබර් ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එරට තොරතුරු අමාත්‍යාංශය, අල් රියාද් කී‍්‍රඩා නාලිකාව ෆාඞ් රජුගේ සංස්කෘතික මධ්‍යස්ථාන සඳහා වූ වෙබ්අඩවිවලට මෙම සයිබර් ප‍්‍රහාරය එල්ල වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් මෙතෙක් වගකීම බාරගෙන නොමැත. මීට සති කිහිපයකට ඉහතදී ද සවුදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ වෙබ්අඩවියට කිසියම් පිරිසක් අනවසරයෙන් ඇතුළුවී දත්ත සොරාගෙන ඇති බවට වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගොඩක් වෙලාවට කරන්නේ ඉස්රායල් වල මොසාට් එකෙන්.(අ)