IMG-LOGO

2025 ජනවාරි මස 13 වන සඳුදා


ස්වීඩන් රජු රස්තියාදුවේ

නොබෙල් ත්‍යාගලාභියකු ද වන ස්වීඩන් රජු බ‍්‍රයන් ෂ්මිඞ්, ඔහුට හිමි නොබෙල් රන් පදක්කම ද සමඟ ඇමෙරිකාවට ගිය අවස්ථාවේදී, ඔහු කවුදැයි හෝ නොබෙල් පදක්කම කුමක්දැයි හෝ නොදත් ඇමෙරිකන් ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් රජතුමා පැය කිහිපයක් ගුවන්තොටුපොළේ රඳවාගෙන ප‍්‍රශ්න කළේ යැයි බි‍්‍රතාන්‍යයේ ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ස්වීඩනයේ රජු බ‍්‍රයන් ෂ්මිඞ් රජුට නොබෙල් තෑග්ග හිමිවූයේ 2011 වසරේදීය. ඒ, භෞතික විද්‍යාව වෙනුවෙන් රජතුමා කළ මෙහෙවර වෙනුවෙනි. ස්වීඩන රජු හෝ රජ පවුලේ පිරිවර හෝ බි‍්‍රතාන්‍ය රජ පවුල මෙන් ජනපි‍්‍රය නැත.

බි‍්‍රතාන්‍ය රජ පවුල මෙන් ස්වීඩන රජ පවුල ද නාමික රජ පවුලක් පමණි. කෙසේ නමුත් මාධ්‍ය හරහා ලැබෙන ප‍්‍රසිද්ධිය හේතුවෙන් බි‍්‍රතාන්‍ය රජ පවුලට යුරෝපා රටවල අනෙක් රජ පවුල්වලට වඩා ලොකු ජනපි‍්‍රයත්වයක් ලැබී ඇත. කවුරුත් ඔවුන් හොඳින් දනිති.

ස්වීඩන රජු බ‍්‍රයන් ෂ්මිඞ් ආරක්ෂක අංශ විසින් ප‍්‍රශ්න කිරීමට ලක් කෙරුණේ, රජතුමා ඔහුට හිමි කැරට් 24 ක් වටිනා නොබෙල් රන් පදක්කම ද සමඟ ඇමෙරිකාවේ නෙබ්රැුස්කා ප‍්‍රාන්තයේ ෆාර්ගෝ ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදීය.

රජතුමා එම රන් පදක්කම රැුගෙන නෙබ්රැුස්කා ගොස් ඇත්තේ ඔහුගේ මිත්තණියට එය පෙන්වීමටය. මිත්තණිය ජීවත් වන්නේ ෆාර්ගෝ නුවරය. 

කැරට් 24 ක් වටිනා තනි රන් පදක්කමක් රජුගේ සන්තකයේ තිබීම ගැන විමතියට පත් ආරක්ෂක නිලධාරීන්, ඔහු සොරකු යැයි සැක කර ඇතැයි ද පැවැසෙයි. ‘ඔහේට මේ පදක්කම ලැබුණේ කොහොමද ? දුන්නේ කවුද ?’ ආදී වශයෙන් ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් රජුගෙන් ප‍්‍රශ්න කර ඇත. එවෙලේ රජු සමඟ සිටි ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා කරුණු පහදා දීමට උත්සහ කළ ඇති නමුත් ඇමෙරිකන් නිලධාරීන් ඒවා ඇසීම ප‍්‍රතික්ෂේප කර ඇත.

පැය කිහිපයකට පසු, තමන් ප‍්‍රශ්න කරන්නේ ස්වීඩන රජු බව ආනාවරණය වීමත්, ඔහු සන්තකයේ ඇත්තේ ඔහුට හිමි නොබෙල් පදක්කම බව වටහා ගැනීමත් සමඟ රජුගෙන් සමාව ගෙන ඔහුට යන්න අවසර දීමට ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීහු කටයුතු කළහ.

 



අදහස් (0)

ස්වීඩන් රජු රස්තියාදුවේ

මහින්ද Tuesday, 14 October 2014 01:30 AM

අනේ පවු රජ්ජුරුවෝ! (නි)

:       0       0

භානු Wednesday, 15 October 2014 04:38 AM

රට තොට ජාත්‍යන්තරය ගැන විශේෂයෙන් විදෙස් රටවල් වල නායකයන් ගැන සාමාන්‍ය දැනීමක් තිබේනම් මෙතන වෙලා තිබෙන ප්‍රශ්නය මොකද්ද කියල තේරේවි. (හේ)

:       0       0

මහේන් Wednesday, 15 October 2014 04:49 AM

අපි සැමටම ජාත්‍යන්තරය ගැන සාමාන්‍ය දැනීමක් අවශ්‍යයි. කුමන වෘත්තියක නියළුනත් එය මුලික සුදුසු කමක් .(හේ)

:       0       0

දුල්මි Wednesday, 15 October 2014 04:55 AM

අපේ කට්ටියගේ විදේශ රටවල් ගැන සාමාන්‍ය දැනීමේ තරම හොඳට පේනවා. නරකද ස්කැන්ඩිනෙවියන් රටවල්, විශේෂයෙන් ස්වීඩනය ගැන පුංචි හැදෑරීමක් කළොත් . මෙතන වුණේ මොකක්ද කියලා වැටහේවි එතකොට.(හේ)

:       0       0

එෂාන් Wednesday, 15 October 2014 04:56 AM

ලියන්නා කෙසේ ලිව්වත් කියවන්නා සිහි බුද්ධියෙන් කියවිය යුතුය. (හේ)

:       0       0

ජගත් Wednesday, 15 October 2014 05:26 AM

අපේ මැති ඇමති වරුත් ඔය වගේ නිහතමානී විය යුතයි කවද හෝ;(හේ)

:       0       0

මංජුල Tuesday, 14 October 2014 03:38 AM

නියමිත රාජකාරිය අකුරටම කරලා තියෙනවා ආරක්ෂක නිලධාරීන්. අපේ අයත් එහෙමම වේවා !!!! (නි)

:       0       0

ජිලාන් Tuesday, 14 October 2014 04:00 AM

අපේ දේශපාලක උතුමෙකුට නම් කවදාවත් ඔහොම වෙන්නේ නැහැ. (නි)

:       0       0

උදාර Tuesday, 14 October 2014 03:11 PM

මෙවැනි දෙයක් ස්විඩන් රජුට සිදුවී නැත.(හේ)

:       0       0

නලීන් Tuesday, 14 October 2014 03:26 PM

හරි පුදුමයි ! ඇමෙරිකාවේ ස්වීඩන් තානාපති කාර්යාලයක් නැද්ද මෙවන් අවස්තාවක තමාගේ රජතුමාව පිළිගන්න හෝ ඒ බව ගුවන්තොටුපල බලධාරීන් දැනුවත් කර අවශ්‍ය පියවර ගන්න .(හේ)

:       0       0

සෑම් Tuesday, 14 October 2014 04:15 AM

හොඳ වෙලාවට ඔටුන්න දාගෙන ගියේ නැත්තේ. නැත්නම් පිස්සෙක් කියලා එතුමාව පිස්සන් කොටුවේ දාන්න වුණත් තිබුණා, මේ වෙලා තියෙන හරිය බලනකොට (නි)

:       0       0

සේනක Tuesday, 14 October 2014 05:20 AM

අපි තමයි ඕන කෙනකුට ලංකාවට ඇතුල් වෙන්න දෙන්නේ.එහෙම තමයි වෙන්න ඕන.(දිල්)

:       0       0

ප්‍රසන්න Tuesday, 14 October 2014 05:22 AM

රජතුමාගේ වැරැද්ද උපදේශකයෝ 60 විතර එක්ක ගුවන් යනයක්ම අරගෙන ගියානම් ඔක්කොම දැනගන්නවා මේ එන්නේ රජෙක් තමයි කියල.....(දිල්)

:       0       0

විජේවීර Tuesday, 14 October 2014 05:29 AM

එකනේ අපේ රටේ වෙන රටක ඉදන් යන ගුවන් යානයක් හරවාගෙන අපහු ගෙන්වාගෙන හරි තමන්ගේ ගමන යන්නේ ගුවන් තොටුපොළවල රස්තියාදු වෙන්න බැරි හින්ද?.(හේ)

:       0       0

සුබසිංහ Tuesday, 14 October 2014 05:29 AM

ඇමරිකාවේ පන්ති බෙදයක් නැත. රජත් එකයි ලොක්කත් එකයි.(හේ)

:       0       0

සුදේශ් Tuesday, 14 October 2014 05:29 AM

අනේ රජුට වෙච්ච දෙයක්.(හේ)

:       0       0

චානුක Tuesday, 14 October 2014 06:07 AM

ප්‍රශ්නය තියෙන්නේ ඇමෙරිකානු ආරක්ෂක අංශවල ඉන්න නිලධරයන් නොබෙල් තෑග්ග ගැන දන්නේ නැති එක පිළිබඳවයි.(හේ)

:       0       0

ගාමිණී Tuesday, 14 October 2014 06:28 AM

රතු පලස,එලලා ,නායකයින් ගුවන් තොටුපොළට ගිහින්, ඔකීඩ් මල්මාලා ,උඩරට නැට්ටුවෝ සමග පිළිඅරන්, පාර දෙපස පාසල් ළමුන් දෙරටේ ධජ වනනකොට මොනතරම් පිළිගැනීමක්ද ? මේවා ඇමරිකන් කාරයින්ට උගන්වන්න වෙලා තියෙන්නේ අපට.(හේ)

:       0       0

සෝමා Tuesday, 14 October 2014 06:33 PM

බැලුවහම ආරක්ෂක අංශ කොයි රටෙත් එකම වගේනේ! (නි)

:       0       0

අන්තෝනි Tuesday, 14 October 2014 07:55 PM

බලන්නකෝ ඒකෙත් හැටි! (නි)

:       0       0

තිලිණි Thursday, 16 October 2014 05:24 AM

ඇමරිකන් නිලධාරිනුත් එයාලගේ රාජකාරිය කරලා තියනවා.රජුත් හරිම නිහතමානි බවයි පෙනෙන්නේ.(දිල්)

:       0       0

උපාලි Tuesday, 14 October 2014 08:38 PM

ඇමෙරිකානුවෙක් විදේශ ගුවන් තොටුපළකදී නවත්වලා ආරක්ෂකයින් ප්‍රශ්න කළාලු. තමන් ඇමෙරිකානුවෙක් බව කිව්වාම ආරක්ෂකයෝ කිව්වලු එහෙනම් ඇමෙරිකානු ජාතික ගීයේ මුල් වචන කීපය කියන්න කියලා. අර මිනිහා කිව්වලු මං දන්නේ නැහැ කියලා. හරි එහෙනම් උඹ ඇමෙරිකන්කාරයෙක්ම තමයි කියලා මිනිහට යන්න දුන්නලු. (නි)

:       0       0

සෑම් Thursday, 16 October 2014 05:44 AM

සේරම් මහත්තය බැරිද අපිටත් පැරිස් වල ජොබ් එකක් හොයල දෙන්න. (ස)

:       0       0

දිමුතු Tuesday, 14 October 2014 07:43 AM

ඇමරිකන් නිලධාරියෝ සාමන්‍ය දැනීමවත් දන්නේ නෑ.(හේ)

:       0       0

මහින්ද Tuesday, 14 October 2014 09:47 PM

මේක අත්වැරදීමක් (නි)

:       0       0

සමන්ති Tuesday, 14 October 2014 09:53 PM

ස්වීඩන් රටේ විදේශ අමාත්‍යංශයට අධීක්ෂකවරයෙක් පත්කළා නම් හොඳයි. (නි)

:       0       0

හමීඩ් Wednesday, 15 October 2014 12:07 AM

එතුමා නිහතමානී කෙනෙක් වෙන්න ඕනෑ (නි)

:       0       0

චාන්දනී Wednesday, 15 October 2014 12:15 AM

මෙතන මොකක්හරි වැරැද්දක් වෙලා තිබෙනවා. (නි)

:       0       0

අබීත Wednesday, 15 October 2014 12:18 AM

ස්වීඩනයේ රජු හැමටම ආදර්ශයක්. ඔහු කලබල වුණේ නැහැ (නි)

:       0       0

යශෝධා Wednesday, 15 October 2014 12:34 AM

වැඩි විස්තර බලාපොරොත්තු වෙනවා. (නි)

:       0       0

සදුන් Wednesday, 15 October 2014 04:03 PM

එෂාන්, හසිත, රංග, මහේන් , දුල්මි ඔබේ අදහස ඉතාම නිවැරදි.(අ)

:       0       0

හෂාන් Tuesday, 14 October 2014 10:17 AM

රජෙක් කියලා නොදැනනේ මෙහෙම කරලා තියෙන්නේ.... නේද? (නි)

:       0       0

ජයාත් Tuesday, 14 October 2014 10:25 AM

ප්‍රසන්නගේ කතාව හරියටම හරි (නි)

:       0       0

සේරම් පැරිස් Wednesday, 15 October 2014 04:58 PM

ඔය වගේ දෙයක් මටත් වුණාලංකාවට නිවාඩුවට ගිය වෙලාවේ , මම රේගෙන ගිය මුදල් සහ චෙක් පත් දුටු රෙගු නිලධාරීන් මට සාක්කුවේ හොර වෙළදාම් කරුවෙක් සේ , පසුව මම ඔවුන්ට මගේ ගිණුම් සහ රැකියව අන්තර ජාලයෙන් පෙන්වා , මට එති විදේශ වත් කම පෙන්නුවාම , සිදුවූ ප්‍රමාද දෝෂයට සමාව යෙද , මට යන්න දුන්නා , (අ)

:       0       0

චමින්ද Monday, 13 October 2014 06:47 PM

ඔය වගේම තමයි ශ්‍රී ලංකාව ගැන අහලා නැති අයත් ලෝකයේ ඉන්නවා.ලෝකප්‍රකට ටෙනිස් ක්‍රීඩිකාවක් කිව්වා සචින් තෙන්දුර්කාර් ගැන අහලා නැහැ කියලා (නි)

:       0       0

එඩ්වර්ඩ් Wednesday, 15 October 2014 02:37 AM

මේවා ඕනෑම වෙලාවක වෙන්න පුලුවන්. (නි)

:       0       0

වර්ෂා Wednesday, 15 October 2014 02:39 AM

පව් අනේ! (නි)

:       0       0

ශ්‍රීලාල් Monday, 13 October 2014 07:34 PM

නිහතමානී මිනිසාට කොහෙත් කෙණහිලි තමයි. (නි)

:       0       0

නිශේන් Wednesday, 15 October 2014 02:41 AM

යම් පටලැවිල්ලක් වෙලා තිබෙන හැඩයි (නි)

:       0       0

ටියුඩර් Wednesday, 15 October 2014 02:48 AM

රජෙක් වුණත් ඉතින් එයත් අපි වගේම මනුස්සයෙක්නේ (නි)

:       0       0

යහම්පත් Wednesday, 15 October 2014 06:18 PM

සේරම් පැරිස්, ඔයා හරි පොහොසත් වගෙයි. එන්න පෙර මීටපස්සේ මගේ ගිණුමට සල්ලි එවලා, මෙහෙදී ඒවා මගෙන් ගන්න. මගේ බැංකු ගිණුම් කිහිපයක්ම තිබෙනවා (නි)

:       0       0

කණිෂ්ක Wednesday, 15 October 2014 02:51 AM

බුද්ධියෙන් කියෙව්වොත් වෙලා තිබෙන දේ කාටත් වැටහේවි. (නි)

:       0       0

අනුර Monday, 13 October 2014 08:06 PM

ස්වීඩන් රජු හින්දම හොඳයි. වෙන කෙනෙක් නම් මෙහෙම ඉවසයිද? (නි)

:       0       0

සුලාරි Thursday, 16 October 2014 06:25 PM

ස්වීඩන් රජු හින්දා හොඳට ගියා. වෙන කෙනෙක් වුණා නම්....? (නි)

:       0       0

කුමාර් Monday, 13 October 2014 08:26 PM

ඇමෙරිකාවේ ඔය පම්පෝරි ගහන නිදහස නැහැ. හැමතැනම පරීක්ෂා... හරියට මේ දැන් දැන් ත්‍රස්තවාදියෙක් අල්ලාගෙන වගෙයි (නි)

:       0       0

රුක්මාල් Wednesday, 15 October 2014 02:54 AM

මේක රජෙකුට දරාගන්න පුලුවන්ද? (නි)

:       0       0

හිරුණක Wednesday, 15 October 2014 02:56 AM

ඕවා ඔහොම තමයි රජතුමනි! (නි)

:       0       0

ජෙහාන් Wednesday, 15 October 2014 03:15 AM

කට්ටිය කලබල වෙන්න එපා. (නි)

:       0       0

කරුණාජීව Wednesday, 15 October 2014 07:27 PM

ආ... ඇත්තද සේරම්? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 13 October 2014 08:59 PM

සමාව නෙමෙයි, හතරගාතෙන් වැටිලා දණ්ඩ නමස්කාරය කරවන්නයි තිබුනේ, මේ කරපු වැඩේ හැටියට (නි)

:       0       0

හේමානන්ද Wednesday, 15 October 2014 07:43 PM

වැරැද්දක් කරලා නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ! (නි)

:       0       0

හසිත Wednesday, 15 October 2014 03:20 AM

අත්වැරදීමක් සිද්ධ වුණා නම් එය එවේලේම නිවැරදි කරන එක අපි සැමගේම සදාචාරාත්මක යුතුකමක්. (නි)

:       0       0

ලලිත් Monday, 13 October 2014 11:22 PM

ඔය වැඩවල හැටි ඔහොම තමයි. රජෙක් හින්දා අන්තිමට වැදගත් විදියට සමාවගත්තා. සාමාන්‍ය කෙනෙක් අහුවුණා නම්...? (නි)

:       0       0

හේමා Wednesday, 15 October 2014 03:26 AM

මෙතුමා එච්චර ප්‍රසිද්ධ‍ කෙනෙක් නෙමෙයි වෙන්න ඇති (නි)

:       0       0

රංග Wednesday, 15 October 2014 03:58 AM

මෙතන වෙලා තිබෙන පටලැවිල්ල දන්නෝ දනිති. (නි)

:       0       0

සමන්ති Tuesday, 14 October 2014 12:46 AM

ගමන් බලපත්‍රයේ තනතුර සඳහන්වෙලා නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

අගමැති මෝදි ප්‍රංශ සංචාරයකට සූදානම්
2025 ජනවාරි මස 13 23 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ නිල සංචාරයක නිරත වන බව ප්‍රංශ ජනාධිපති නිවේදනය කර තිබේ. ප්‍රංශ පුවත් වාර්තා පෙන්වා දෙන්නේ නරේන්ද්‍ර මෝදි


සියලු චෝදනාවලින් ට්‍රම්ප් නිදහස්
2025 ජනවාරි මස 13 32 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුට එරෙහිව එල්ල වුණු සියලු චෝදනාවලින් නිදහස ලබා සිටී. අසැබි චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනි


බයිඩන් පාප්තුමන්ට ඉහළම ගෞරවය දෙයි
2025 ජනවාරි මස 13 23 0

ධුරයෙන් සමු ගැනීමට නියමිත, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට, ඇමෙරිකාවේ ඉහළම සිවිල් ගෞරවය ලෙස සැලකෙන “ජනාධිපති නිදහස් ප


සකර්බර්ග් ට්‍රම්ප් හමුවෙලා
2025 ජනවාරි මස 13 21 0

ෆේස්බුක් අයත් ’මෙටා’ සමාගමේ විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය.


කුම්බමේලා සමරන්න ඉන්දියාව සුදානම්
2025 ජනවාරි මස 13 537 0

ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන කුම්බමේලා හින්දු ආගමික උත්සවය අද (13) ආරම්භ වෙයි. මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම


බයිඩන් - නෙදන්යාහු සාකච්ඡා
2025 ජනවාරි මස 13 14 0

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 172 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 538 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 287 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site