ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වයඹදිග ප්‍රදේශයේ ගමන්ගත් සල්ෆියුරික් අම්ල ප්‍රවාහන දුම්රියක් පීලිපැන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මැදිරි 26කින් සමන්විත මෙම දුම්රියේ අනතුර සිදුවන අවස්ථාවේ සල්ෆියුරික් අම්ලය ලීටර 200 000ක් පමණ ගබඩා කැර තිබී ඇත. අනතුරින් සුළු තුවාල ලැබූ දුම්රිය කාර්ය මණ්ඩලයේ තිදෙනකු රෝහල්ගත කැර ඇත.

අනතුර සිදුවීමෙන් පසු එම ප්‍රදේශයේ කිලෝමීටර දෙකක් පමණ දුරට අනතුරුදායක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කළ බව ක්වීන්ස්ලන්ත පොලීසිය පවසයි. ප්‍රදේශයේ ගංවතුර තත්වයක්ද පවතින බැවින් අනතුර සිදුවූ ස්ථානයට ළඟාවීම අපහසු බවත් ඒ හේතුවෙන් අම්ල කාන්දුවක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධව තවම වාර්තා වී නොමැති බවත් පොලීසිය පවසයි.

සල්ෆියුරික් සම මත ස්පර්ශ වීමෙන් පිළිස්සුම් ඇති කරයි.