IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


’සරායි’ සුළි කුණාටුවෙන් 2500ක් අවතැන්

ෆීජී රාජ්‍යයට බලපා තිබෙන ‘සරායි’ සුළි කුණාටුවෙන් දෙදෙනකු මියගොස් 2,500කට වැඩි පිරිසක් අවතැන්ව සිටිති.

සුළි කුණාටුව නිසා නිවාසවලට අමතරව එරට වගාවලට ද හානි සිදු වූ අතර බෝග රැසක් විනාශ විය. සුළි කුණාටුව නිසා ෆීජී රාජ්‍යයේ ප්‍රදේශ රැසක විදුලිබලය ද ඇණහිටියේය.

සුළි කුණාටුවෙන් ෆීජී රාජ්‍යයේ සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ල විය. ෆීජී රාජ්‍යය සංචාරක කර්මාන්තය තුළ ඉහළ ප්‍රසිද්ධියක් උසුළයි. සුළි කුණාටුව නිසා ජාත්‍යන්තර ගුවන් ගමන් කිහිපයක්ම අවලංගු කිරීමට ද එරට බලධාරීන්ට සිදුවිය.

‘සරායි’ සුළි කුණාටුවෙන් 2,538 දෙනකු අවතැන්ව සිටින අතර ඔවුන් මුදා ගැනීමේ මධ්‍යස්ථාන 70කට යොමු කළ බව බලධාරීහු කීහ. එරට වේලාවෙන් ඉරිදා පස්වරුව වනවිට 500කට ආසන්න පිරිසකට ඔවුන්ගේ නිවෙස්වලට යෑමට අවස්ථාව උදා වූ බව ද ඔවුහු පැවැසූහ.

අගනුවර වන සූවා හි සියයට 80කට පමණ නැවත විදුලිබලය ලබා දීමට හැකි වූ බව එරට විදුලි සමාගම සඳහන් කළ අතර සම්පූර්ණ විදුලි සැපයුම නැවත ස්ථාපිත කිරීමට සතියක පමණ කාලයක් ගත් වනු ඇතැයි ද සඳහන් කළේය.

පැයට කිලෝමීටර 150ක වේගයෙන් හමායන ‘සරායි’ සුළි කුණාටුව නැගෙනහිර දෙසට ගමන් කරමින් තිබෙන අතර නව අවුරුදු උදාවත් සමඟ ටොන්ගා රාජ්‍යය පසු කර යෑමට නියමිතය.

ඒ.එෆ්.පී. 
055



අදහස් (0)

’සරායි’ සුළි කුණාටුවෙන් 2500ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 766 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site