IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සිරියා රජය - කැරැලිකරුවන් මානව හිමිකම් කඩනවා

සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය සහ රජයට එරෙහිව සන්නද්ධ අරගලයක යෙදෙන කැරැලිකාර විපක්ෂ කණ්ඩායම් ඉතා දරුණු අන්දමින් මානව හිමිකම් උල්ලංඝනය කරන බවත් එය නැවැත්වීමට දෙපාර්ශ්වයම වහා පියවර ගත යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය නාවී පිල්ලේ අවධාරණය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ මාස 16 කට ආසන්න කාලයක් තිස්සේ සිරියාවේ පවතින ගැටුම්වලින් 16,000 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් ව ඇති බවය. සිරියා විපක්ෂ කණ්ඩායම් සහ කැරැලිකාර කණ්ඩායම් ළමා සොල්දාදුවන් බඳවා ගන්නා බවටත් නාවී පිල්ලේ චෝදනා කරයි. මීට අමතරව සිරියා රජයටත් කැරැලිකාර පාර්ශ්වයටත් අවි ආයුධ සැපැයීමෙන් වැළැකී සිටින්නැයි ද ඇය විදේශවලින් ඉල්ලීමක් කරයි. සිරියා රජයේ හමුදාවට ආයුධ සපයන්නේ රුසියාව යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය චෝදනා කරයි. අන්තර් ජාතික සම්බාධක පනවා තිබියදී රුසියාව ඉරානයටත් සිරියාවටත් ආයුධ තොග විකුණූ බවට සාක්ෂි ලැබී ඇතැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අයත් කමිටුවක් පසුගිය දා අනාවරණය කළේය. එම කමිටුව මේ බව කියා සිටියේ රුසියාව සිදු කළ අවි ගනුදෙනු සම්බන්ධ විස්තර ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරමින්ය. ඉරානය මෙන්ම සිරියාව ද රුසියාවේ හිතවතෙකි. ලිබියාවට එරෙහිව කළාක් මෙන් සිරියාවට එරෙහිව ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යෝජනාවලියක් සම්මත කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී නිෂේධ බලය යොදා ගනිමින් ඊට එරෙහි වූයේ රුසියාවයි. රුසියාව විශ්වාස කරන්නේ සිරියා අර්බුදයට දේශපාලනික විසඳුමක් අවශ්‍ය බවය. සිරියා රජයට ‘මිනීමරන්න’ ආයුධ දෙන්නේ රුසියාව යැයි මීට පෙර අවස්ථා කිහිපයකදී ද බටහිර රටවලින් චෝදනා එල්ල විය.



අදහස් (0)

සිරියා රජය - කැරැලිකරුවන් මානව හිමිකම් කඩනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site