පරමාණු ස්ථරයකින් ආලේප කෙරෙන වහලයේ උළු කැට වලින් මිල අධික වල සූර්ය පැනලයකින් ඉටුවන කාරියම සපුරා ගත හැකි ක‍්‍රමයක් සොයාගැනීමට කැනඩාවේ ටොරන්ටෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.
තීන්ත විදිනයකින් වාහනයක් ආලේපයන කරන්නාක් වැනි වන මේ ක‍්‍රමයේදී සාමාන්‍ය තීන්ත විදිනය පරමාණු විදිය හැකිවන සේ වැඩිදියුණු කර තිබේ. ආලේප කෙරෙන්නේ තීන්ත නොව පරමාණුය.
‘කොලෝඩියල් ක්වොන්ටම් ඩොට්ස්‘ නමින් හැදින්වෙන මෙම පරමාණු සූර්ය ශක්තිය අවශෝෂණය කර ගෙන විද්‍යුතය නිපදවීමේ සමත්ය.මෙවන් පරමාණු ලක්ෂ ගණනක් එක් ආලේපනයකදී වහළයක් හෝ වේවා තහඩුවක් හෝ වේවා අදාළ පෘෂ්ඨය මත තැන්පත් වෙන අතර ඒවා එකතුවෙන් සැළකිය යුතු තරමේ විදුලියක් නිපදවා ගත හැකි බව පර්යේෂකයෝ කියති.
ඔවුන් පවසන ආකාරයට මෝටර් රථයකට මෙසේ පරමාණු ආලේපනයක් කළහොත් වොට් 100 යේ බල්බ 3 ක් දැල්වීමට තරම් ප‍්‍රමාණවත් බලයක් ඉන් උපදී.
මෙම තාක්ෂණය මීට පෙර භාවිතයේ පැවතියද එය මුදල් හා කාලය වැයවන්නක් ලෙස සලකා බැහැර කර තිබුණකි. කැනඩා පර්යේෂක පිරිස එහි ඇති දුර්වලතා හඳුනාගෙන එය වැඩිදියුණු කර ඇත.
විශේෂයෙන් මෙම පරමාණු විදිනය තමන්ගේ වැඩි අවධානය යොමුවූවක් ලෙස ඔවුන් හඳුන්වාදේ. සාමාන්‍ය තීන්ත විදිනයක් වුවත් මෙසේ පරමාණු විදිය හැකිසේ පහසුවෙන්ම වැඩිදියුණු කළ හැකි බව ඔවුහු පවසති.
‘ආලේප කළ හැකි සූර්ය පැනල‘ තාක්ෂණය සම්බන්ධව තවදුරටත් පර්යේෂණ කටයුතු සිදුවන අතර නුදුරේදීම එය වෙළදපොලට හදුන්වාදිය හැකිවනු ඇතැයි පර්යේෂකයින් මත පළ කරයි.
සූර්ය පැනල මිලදී ගන්නවාට වඩා ඉතා අඩු මුදලක් වැය කොට මෙසේ ආලේපනයක් සිදුකළ හැකිවීම නිසාවෙන් සමාජයේ සියලූදෙනාටම පාහේ මෙහි ප‍්‍රතිලාභයන් අත්විඳිය හැකිවන බවද ඔවුහු පෙන්වාදෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.(හේ)
ලංකාවට ඉතා සුදුසුයි (නි)
මේ ක්‍රමය සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.(හේ)
ගාමිණී, මේ තාක්ෂනය පේරාදෙණියේ තියාගෙන බම්බු ගැහැව්වද මෙච්චර දවසක්? (නදී)
අපේ රටේ සියලුම ප්‍රශ්න වලට හේතුව රටට ප්‍රමානවත් බලශක්තිය නොමැතිවීමයි මෙය අපරටට සුබදායි විදියට යොදාගත හැකි වුවහොත් න්‍යෂ්ටික බලවතුන් පරදා රට ඉදිරියට ගෙන ඒමට දේශපාලන පොරපිටි අවශ්‍ය නැත.(හේ)
ශ්රී ලංකාවේ විශේෂඥයින් මේ ගැන උනන්දු වියයුතුයි. අඩු මිලට අපේ රටේ වැඩියෙන්ම ලබාගත හැකි නිසා. (නි)
ඕක පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙත් තියෙනවා. (ර)
මේ ක්‍රමය දියුණු කරගත්තොත් ගොඩක් දේවල් කළහැකියි (නි)