IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


සූර්ය පැනලය වෙනුවට නව ක්‍රමයක්

පරමාණු ස්ථරයකින් ආලේප කෙරෙන වහලයේ උළු කැට වලින් මිල අධික වල සූර්ය පැනලයකින් ඉටුවන කාරියම සපුරා ගත හැකි ක‍්‍රමයක් සොයාගැනීමට කැනඩාවේ ටොරන්ටෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.

තීන්ත විදිනයකින් වාහනයක් ආලේපයන කරන්නාක් වැනි වන මේ ක‍්‍රමයේදී සාමාන්‍ය තීන්ත විදිනය පරමාණු විදිය හැකිවන සේ වැඩිදියුණු කර තිබේ. ආලේප කෙරෙන්නේ තීන්ත නොව පරමාණුය.

‘කොලෝඩියල් ක්වොන්ටම් ඩොට්ස්‘ නමින් හැදින්වෙන මෙම පරමාණු සූර්ය ශක්තිය අවශෝෂණය කර ගෙන විද්‍යුතය නිපදවීමේ සමත්ය.මෙවන් පරමාණු ලක්ෂ ගණනක් එක් ආලේපනයකදී වහළයක් හෝ වේවා තහඩුවක් හෝ වේවා අදාළ පෘෂ්ඨය මත තැන්පත් වෙන අතර ඒවා එකතුවෙන් සැළකිය යුතු තරමේ විදුලියක් නිපදවා ගත හැකි බව පර්යේෂකයෝ කියති.

ඔවුන් පවසන ආකාරයට මෝටර් රථයකට මෙසේ පරමාණු ආලේපනයක් කළහොත් වොට් 100 යේ බල්බ 3 ක් දැල්වීමට තරම් ප‍්‍රමාණවත් බලයක් ඉන් උපදී.

මෙම තාක්ෂණය මීට පෙර භාවිතයේ පැවතියද එය මුදල් හා කාලය වැයවන්නක් ලෙස සලකා බැහැර කර තිබුණකි. කැනඩා පර්යේෂක පිරිස එහි ඇති දුර්වලතා හඳුනාගෙන එය වැඩිදියුණු කර ඇත.

විශේෂයෙන් මෙම පරමාණු විදිනය තමන්ගේ වැඩි අවධානය යොමුවූවක් ලෙස ඔවුන් හඳුන්වාදේ. සාමාන්‍ය තීන්ත විදිනයක් වුවත් මෙසේ පරමාණු විදිය හැකිසේ පහසුවෙන්ම වැඩිදියුණු කළ හැකි බව ඔවුහු පවසති.

‘ආලේප කළ හැකි සූර්ය පැනල‘ තාක්ෂණය සම්බන්ධව තවදුරටත් පර්යේෂණ කටයුතු සිදුවන අතර නුදුරේදීම එය වෙළදපොලට හදුන්වාදිය හැකිවනු ඇතැයි පර්යේෂකයින් මත පළ කරයි.

සූර්ය පැනල මිලදී ගන්නවාට වඩා ඉතා අඩු මුදලක් වැය කොට මෙසේ ආලේපනයක් සිදුකළ හැකිවීම නිසාවෙන් සමාජයේ සියලූදෙනාටම පාහේ මෙහි ප‍්‍රතිලාභයන් අත්විඳිය හැකිවන බවද ඔවුහු පෙන්වාදෙති.

1BEACD27000005DC-0-image-a-9_1417998126298 23DCC21400000578-0-image-a-14_1417998695252



අදහස් (0)

සූර්ය පැනලය වෙනුවට නව ක්‍රමයක්

සුපුන් චින්තක ලියනගේ Tuesday, 09 December 2014 10:45 AM

නියමයි.(හේ)

:       0       0

වත්සලා Saturday, 13 December 2014 03:36 AM

ලංකාවට ඉතා සුදුසුයි (නි)

:       0       0

ජගත් Wednesday, 10 December 2014 06:47 AM

මේ ක්‍රමය සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.(හේ)

:       0       0

මානෙල් Saturday, 13 December 2014 03:54 AM

ගාමිණී, මේ තාක්ෂනය පේරාදෙණියේ තියාගෙන බම්බු ගැහැව්වද මෙච්චර දවසක්? (නදී)

:       0       0

බණ්ඩාර ඒකනායක Saturday, 13 December 2014 03:59 AM

අපේ රටේ සියලුම ප්‍රශ්න වලට හේතුව රටට ප්‍රමානවත් බලශක්තිය නොමැතිවීමයි මෙය අපරටට සුබදායි විදියට යොදාගත හැකි වුවහොත් න්‍යෂ්ටික බලවතුන් පරදා රට ඉදිරියට ගෙන ඒමට දේශපාලන පොරපිටි අවශ්‍ය නැත.(හේ)

:       0       0

මුදිත Thursday, 11 December 2014 01:25 AM

ශ්‍රී ලංකාවේ විශේෂඥයින් මේ ගැන උනන්දු වියයුතුයි. අඩු මිලට අපේ රටේ වැඩියෙන්ම ලබාගත හැකි නිසා. (නි)

:       0       0

ගාමිණී Tuesday, 09 December 2014 04:02 PM

ඕක පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙත් තියෙනවා. (ර)

:       0       0

මොහාන් Monday, 15 December 2014 02:45 PM

මේ ක්‍රමය දියුණු කරගත්තොත් ගොඩක් දේවල් කළහැකියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 949 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site