සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් වහාම ධුරයෙන් ඉවත් විය යුතු යැයි ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා සහ තුර්කි අගමැති රිසෙප් ඊයේ (17) යළිත් වරක් අවධාරණය කළහ.
තුර්කි අගමැති ඊයේ ඇමෙරිකාවේ සංචාරයක යෙදුණු අතර ධවල මන්දිරයේදී ඔහු ජනපති ඔබාමා හමුවී සිරියානු අර්බුදය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළේය. එම අවස්ථාවට සිරියා කැරැලිකරුවන් සහ විපක්ෂ කණ්ඩායම් එක් ව පිහිටුවා ගත් පාලක මණ්ඩලයේ නියෝජිතයන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ.
සිරියා අර්බුදය විසඳීමට නම් ජනපති අසාද් වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතු යැයි රාජ්‍ය නායක දෙපළ ඒකමතිකව තීරණයක් ගත් බව ඇමෙරිකානු පුවත් සේවා පැවැසීය.
සිරියානු රජය රසායනික අවි යොදා ගනිමින් ප‍්‍රහාර එල්ල කරන බවට ජනපති ඔබාමාත් තුර්කි අගමැතිවරයාත් ජනපති අසාද්ට යළිත් වරක් චෝදනා කරන්න විය

 

තුර්කි අගමැති (වමේ) ජනපති ඔබාමා සමග මාධ්‍ය හමුවට එක්වෙමින්