IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


සිරියා ජනපති අසාද් වහාම ධුරයෙන් ඉවත් විය යුතුයි

සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් වහාම ධුරයෙන් ඉවත් විය යුතු යැයි ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා සහ තුර්කි අගමැති රිසෙප් ඊයේ (17) යළිත් වරක් අවධාරණය කළහ.
තුර්කි අගමැති ඊයේ ඇමෙරිකාවේ සංචාරයක යෙදුණු අතර ධවල මන්දිරයේදී ඔහු ජනපති ඔබාමා හමුවී සිරියානු අර්බුදය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළේය. එම අවස්ථාවට සිරියා කැරැලිකරුවන් සහ විපක්ෂ කණ්ඩායම් එක් ව පිහිටුවා ගත් පාලක මණ්ඩලයේ නියෝජිතයන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ.
සිරියා අර්බුදය විසඳීමට නම් ජනපති අසාද් වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතු යැයි රාජ්‍ය නායක දෙපළ ඒකමතිකව තීරණයක් ගත් බව ඇමෙරිකානු පුවත් සේවා පැවැසීය.
සිරියානු රජය රසායනික අවි යොදා ගනිමින් ප‍්‍රහාර එල්ල කරන බවට ජනපති ඔබාමාත් තුර්කි අගමැතිවරයාත් ජනපති අසාද්ට යළිත් වරක් චෝදනා කරන්න විය

 

තුර්කි අගමැති (වමේ) ජනපති ඔබාමා සමග මාධ්‍ය හමුවට එක්වෙමින්

 



අදහස් (0)

සිරියා ජනපති අසාද් වහාම ධුරයෙන් ඉවත් විය යුතුයි

අබ්දුල් රහීම් Saturday, 18 May 2013 08:11 PM

ෙමි අය ෙග් කථාවත් හරියට අර අවුවට අල්ලන කුෙඩිවාෙග් තමා. මේ අයගේ කථාවත් හරියට අව්වට අල්ලන කුඩේ වගේ . (අ)

:       0       0

ඇසළ Saturday, 18 May 2013 12:19 PM

සිරියාවට ගහන්න කලින් ඉරාකේ හොයාගත්ත රසායන අවි පෙන්නන්න.නැත්තම් බොරුවට ස්වාධින රටවලට ඇගිලි ගහන්න එපා. (නි)

:       0       0

සදරුවන් Sunday, 19 May 2013 02:31 PM

දේශද්‍රෝභියනි, දේශප්‍රේමියනි දේශපාලනේට එන්නේ බල තන්හාව නිසා. ලංකාවේ තිබුන තත්වය හැටියට ගසා කාල හරි කමක් නෑ යුද්ධය ඉවර කරපු එක ලොකු දෙයක්. වෙන අය ජනාධිපති උනා නම් ගසා කාල රටත් පාවා දීල ලංකාවේ සිතියමක්වත් දැක ගන්න බැරි තත්වයක් උදාවෙන්න ඉඩතිබුනා. නැතුව දේශසපාලනේට එන්නේ රහත් වෙන්ඩ බලාගෙන නෙමෙයි කොයි කව්රුත්.(නදී)

:       0       0

සදරුවන් Saturday, 18 May 2013 02:09 PM

මම සිරියානු ජාතිකයන් කීපදෙනකුගෙන් මේ ගැන ඇහුවා.ඔවුන් කියන්නේ වහාම මැතිවරණයක් පවත්වා ජනතා පරමාධිපත්‍යට ගරු කරන්න කියලා.නැතුව ඇමෙරිකාවවත්,අසාද්ගේ රජයටවත්,කැරලි කරුවන්ටවත් හොඳක් කියන්නේ නැහැ.ඔක්කොම මිනීමරුවෝ කියලයි ඔවුන් කියන්නේ.එයයි සත්‍ය. (නි)

:       0       0

මුරුගන් Sunday, 19 May 2013 08:20 AM

රුවන්, කොන්තරත්කාරයෙක්ගෙන් වන්දිබට්ටයෙක්ගෙන් ඇහුවොත් කියයි අපි හරි සතුටින් ඉන්නේ කියලා. වැලේ වැල් නැති එදිනෙදා බඩ පුරවා ගන්න කාගෙන් හෝ ඇහුවොත් කියයි සතුටේ තරම. (නි)

:       0       0

චුලා Sunday, 19 May 2013 08:22 AM

දැන් අපෙත් ජනපති වීමේ වාර ගණන සිමා රහිත කරලයි තියෙන්නේ. හරියටම මේ උතුරු අප්‍රිකානු රටවල වගේ. කොටින්ම කිවුවොත් යාන්ත්‍රණේ එහෙ වගේම මෙහෙත් එකයි.එකම වෙනස අපට තෙල් නැතිකම. (නි)

:       0       0

රූපා Sunday, 19 May 2013 08:23 AM

මැතිවරණ පවත්වන්න කියලා තමා එක්සත් ජාතින් කියන්නෙත්.එහෙම කියන විදියට කරනවා නම් බැරිය.මිනිස්සු පාරට බැස්සෙත් කියලා කියලා බැරි තැන.ඒ මිනිස්සුන්ට යුද්දේ පටන් ගත්තට පස්සේ උදවු එපැයි. (නි)

:       0       0

ශීලා Sunday, 19 May 2013 08:24 AM

මේ යන විදියට ගියොත් අපේ රටෙත් ඉදිරි මැතිවරණ ටික දිනන හැටි බැලුවොත් කියන්න පුළුවන් කොහොම වෙයිද කියලා. (නි)

:       0       0

පද්මා Sunday, 19 May 2013 08:31 AM

ඇසල, ඉරාකේ සදාම්ගෙන් බැටකාපු බහුතර මුස්ලිම්ලා ඇමරිකාවෙන් උදවු ඉල්ලුවා.ඉතින් උදවු කළා.සදාම් එයාලට ගැහුවේ රසායනික අවි වලින්.වෙන රටවලින් උදවු ඉල්ලගෙන යන තැනට රටේ මිනිස්සු පත් කරන්නේ දුර්දාන්ත ඒකාධිපතියෝ. (නි)

:       0       0

ජීවන් Saturday, 18 May 2013 06:42 AM

ඔහොම කියා කියා හිටියට හරි යන්නේ නැහැනේ. වහාම අයින් කරන්න.දැනටමත් ලක්ෂ ගානක් මැරිලානේ. (නි)

:       0       0

සුභසිංහ Saturday, 18 May 2013 06:42 AM

මේ ඒකාධිපතියා ඊයේ රුපවාහිනියේ පෙන්නුවා. මෙච්චර ගානක් මැරෙද්දි මෙය කාර් එකක් එලවානවා.(නදී)

:       0       0

රුවන් Saturday, 18 May 2013 03:50 PM

අපේ ජනාධිපතිතුමාටත් කියයිද දන්නේ නැහැ අයින් වෙන්න කියලා. මොකද අවුරුදු 30ක යුද්ධයක් ඉවර කෙරුවට. අපි සතුටින් ඉන්න එකට (නි)

:       0       0

රුවන් Sunday, 19 May 2013 10:48 AM

මුරුගන්ට හරියට කේන්ති යනවනේ අපේ ජනාධිපතිතුමාට හොඳ කියනවට.අපි මහන්සිවෙලා හම්බකරනවා හොඳට කාලා, බීල සතුටින් ඉන්නවා. ඉතුරුත් කරනවා (නි)

:       0       0

රානි Sunday, 19 May 2013 11:21 AM

ඔවු රුවන් වැනි කොන්තරත්කාරයෝ ඉන්නේ කීදෙනාද? මධ්‍යම පන්තිය සීග්‍රයෙන් දියවන රටවල් අතරේ ලංකාව ඉහලින්ම ඉන්නවා කියලා අන්තර්ජාලේ තියනවා.ඔයාගේ ගමත් දකුණේද?ලංකාවේ දරුවෝ දැන් ඉපදෙන්නේ ලක්ෂ 3 ණයකුත් එක්ක.ඔයත් එහි කොටස් කරුවෙක්. (නි)

:       0       0

මාලා Sunday, 19 May 2013 11:22 AM

ඔවු ඔවු රුවන්. කාලා ඇදලා ඉන්නවා ඇති බටහිර රටවලින් ණය දෙන නිසා.හරියටම කිවුවොත් අපට කන්න දෙන්නේ චිනේ,ඉන්දියාව,ඇමරිකාව සහ යුරෝපේ.එකම වෙනස අපි ඡන්දෙ විතරයි නොදෙන්නේ. (නි)

:       0       0

මහේෂ්වරන් Sunday, 19 May 2013 11:26 AM

සුද්ද ගිය දා ඉදන් ගත්තා වගේ 4 ගුණයක් අපි දැන් 2005 ඉදන් මේ වෙනකොට ණයට අරන්. "මිස්ඩිවලප්මන්ට්"කියන වචනෙට සිංහල වචනයක් හරියට නැහැ මයේ හිතේ.ලංකාවේ වෙන්නේ ඒක.අපරාදේ සල්ලි. රුවන්ලට හොදයි ඉතින්. යන්න අපායකුත් හොයාගන්න. (නි)

:       0       0

මර්සි ලංකා Sunday, 19 May 2013 11:46 PM

මොනවා වුණත් ඇමෙරිකාව තමන්ට හිතවත් නැති රජයන් පෙරලීමට බොහෝ උනන්දුවනවා. මොන බොරුවක් හෝ සත්‍ය කතාවක් කර ලෝකයම එයට පොළඹවා ගන්නවා. පසුව අර රටවල් අරාජික කර දමනවා. ඕක තමා සත්‍ය කතාව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1071 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site