සිරියාවට යුධ අවි අපනයන  තහනම ඉවත් කිරීම කෙරෙහි යුරෝපා සංගමය සළකා බලමින් සිටී. යුරෝපා සංගමය මේ තහනම පැනැවූයේ 2011 වසරේ මැයි මාසයේදීය. ඔවුන්ගේ අරමුණ වන්නේ සිරියා ජනපති බෂීර් අල් අසාඞ් ගේ රජයට එරෙහිව සටන් වැදි  කැරලිකරුවන්ට අවි සැපැයීමෙන් හෝ සිරියාවේ දැන් 20 වැනි මාසය පුරාත් ඇවිළි යන ගැටුම් නැවැත්වීමටයි. සිරියාවේ නව විපක්ෂයද මේ අදහසට එකගත්වය පළ කරයි. ප‍්‍රංශය මේ යෝජනාවට එකගත්වය පළ කර ඇත.ප‍්‍රංශයේ අදහස වන්නේ කැරලිකරුවන්ට සිය ආරක්ෂාව සළසා ගැනීමට අවි සැපැයීමේ වරදක් නොමැති බවයි.බෂීර් අල් අසාඩ්ගේ  හමුදා ඉවක් බවක් නැතිව එල්ල කරණා ප‍්‍රහාර කිසිසේත් සාධාරණ කළ නොවන බව ප‍්‍රංශය පවසයි. බි‍්‍රතාන්‍යය තවමත් සිටින්නේ කැරලිකරුවන්ට අවි නොසැපපිය යුතුය යන ස්ථාවරයේය.නමුත් සිදුවන ව්‍යසනය හමුවේ තවදුරටත් බලා සිටීමටද නොහැකි බව එරට ආරක්ෂක ලේකම් විලියම් හෙග් පවසයි.ගැටලූවට නිසි විසදුමක්  දීම බි‍්‍රතාන්‍යයේ අරමුණ බවත් ලේ වැගිරීම් සිදුකිරීමට කිසිදු පාර්ශවයකට හෝ සහය නොදෙන බවත් හෙතෙම කියයි. අවි සැපැයීම කෙසේ වුවත් ගැටලූව ඇත්තේ කැරලිකරුවන් අතට ඒවා ලැබීමට සැළැස්වීම බව යුරෝපා සංගමයේ ප‍්‍රකාශකයෙක් සදහන් කරයි.එම නිසා ඉදිරිපත් වී ඇති යෝජනාව තවදුරටත් විමර්ෂණය කළ යුතු වීමේ අවශ්‍යතාවය ඔහු කියයි. රුසියාව මේ යෝජනාවට විරොධය පළ කරන්නේ බටහිර රටවල් සිරියා කැරලිකරුවන්ට අවි සැපැයීම ආරම්භ කළහොත් එය ජාත්‍යන්තර යුද නීති උල්ලංඝනය කිරීමක් වනු ඇතැයි කියමිනි.මෙසේ පවසන රුසියාවම බෂාර් අල් අසාඞ්ගේ රජයට අවි සපයන්නේ ඒ ගැටුම් වලට පෙර එළැඹ සිටි වෙළද ගිවිසුම් නිසා යැයි පවසමිනි.වරෙක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට අවි අපනයනය කිරීමේ තහනම් කිරීමේ යෝජනාවක් ගෙන අරාබිය ආරක්ෂ මණ්ඩලයේ නිෂේධ ඡුන්ද බලය හිමි රුසියාව හා චීනය ඊට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කිරීම නිසා එය නිශ්ප‍්‍රභ විය. වාර්තා පෙන්වා දෙන පරිදි සිරියාවේ ගැටුම් වලින් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 40000 ඉක්මවයි.අවතැන් වී ඇති සංඛ්‍යාව 600,000 කට ආසන්නය.   කො.වී