දිනෙන් දින උත්සන්න වන සිරියා අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කොෆී අනන් ඊයේ (16) රුසියාවේ මොස්කව් නුවරදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීය. එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම්වරයකු ද වන අනන්, මොස්කව් නුවරට පැමිණි අවස්ථාවේ ඔහු සාදරයෙන් පිළි ගැනීමට ජනපති පුටින් කටයුතු යොදා තිබුණි. අනන් සහ පුටින් අතර සිරියා අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට එරෙහි ඉකුත් සතියේ සකස් කළ නව යෝජනාවලිය ද ජනපති පුටින්ගේ අවධානයට ලක්විය. එම යෝජනාවලිය කෙටුම්පත් කර ඇත්තේ බි‍්‍රතාන්‍යයයි. ඊට ඇමෙරිකාවේත් ප‍්‍රංශයේත් ජර්මනියේත් සහාය හිමිවී ඇත. මීට පෙර අවස්ථා කිහිපයකදී ද ලිබියාවට කළාක් මෙන් විදෙස් හමුදා යොදා සිරියා රජයට එරෙහි ප‍්‍රහාරයක් එල්ල කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය උත්සහ ගත්ත ද චීනය සහ රුසියාව එක් වී ඊට විරෝධය දැක්වීය. ඇමෙරිකාව තරයේ කියා සිටින්නේ සිරියා රජයට ‘මිනීමරන්න’ රුසියාව ආයුධ දෙන බවය. රුසියාව සිරියාවේ හිතවතෙකි. සිරියා රජයත් රුසියාවත් අතර නීත්‍යනුකූලව අවි ගනුදෙනු සිදුවෙයි.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරියාවට තමන්ගේ පාඩුවේ ඉන්න දෙන්නැති බටහිර යක්කු . තවම රටවල් කොල්ල කන එක නවත්තගන්න බැරි වුනානේ .