සිරියාවේ හූලා නගරයේ පෙරේදා (26) සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් අනූ දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත්, ඔවුන් අතර වයස අවුරුදු 10 ට අඩු කුඩා දරුවන් තිස් දෙදෙනකු සිටින බවත් එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂකයෝ පවසති. එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂකයන් සිරියාවට පැමිණ සිටින්නේ, එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් සිරියාව වෙනුවෙන් සකස් කළ සාම වැඩසටහන නිසි ලෙස කි‍්‍රයාත්මක වන්නේදැයි සෙවීමටය. හූලා නුවර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවූ බව වාර්තා වූ සැණින් සාම නිරීක්ෂකයෝ එහි ගියහ. සමූල ඝාතනයක් තමන්ට දකින්න ලැබුණු බව සාම නිරීක්ෂකයෝ එම අවස්ථාවේදී කියා සිටියහ. සිරියා රජය ප‍්‍රකාශ කළේ එය සටන්කාමීන් එල්ල කළ කුරිරු ප‍්‍රහාරයක් බවය. ප‍්‍රහාරය සිරියා රජයේ හමුදා විසින් සිදු කරනු ලැබුවේ ද නැද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. කෙසේ නමුත් ඇමෙරිකාව චෝදනා කරන්නේ එම ප‍්‍රහාරය එල්ල කළේ සිරියා රජයේ හමුදා කියාය. හූලා නගරයේ සිදුවූ ඝාතන හෙළා දකිමින් ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඊයේ (27) විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ සිරියා ජනපති අසාද්ගේ ‘මිනීමරු පාලනය’ වහා අවසන් කිරීමට ජාත්‍යන්තර ප‍්‍රජාව එක්විය යුතු බවය.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමුල ඝාතන, සමුල ඝාතන, සමුල ඝාතන, ඇත්තෙන්ම විසදුම වැඩි ඈතක නොවෙයි ඉක්මනින්ම ලැබෙයි.