සිරියානු අගනුවර වන දමස්කස් ආසන්නයේ පිහිටි කැරළිකාර කණ්ඩායම් වල ග්‍රහනයේ පවතින මුවඩාමියා නගරය වෙත ආධාර රැගත් ප්‍රථම ට්‍රක් රථ සමූහය ලඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ සිරියානු රෙඩ් ක්‍රෙසන්ට් සංවිධානයට අයත් රථ 35ක් ආධාර රැගෙන පැමිණ තිබෙන බව සිරියානු බලධාරීන් පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ට්‍රක් රථ තුළ ආහාර ද්‍රව්‍ය, ආහාර නොවන ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ සහ බෙහෙත් අඩංගු වන බවයි.
දමස්කස් නගරාසන්නයේ පිහිටි මදානියා, සෙබඩානි ඇතුළු තවත් නගර කිහිපයකටද මෙසේ ආධාර ලැබීමට නියමිතව ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මෙම ප්‍රදේශ වල ලක්ෂ පහක පමන ජනතාවක් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පවා නොමැතිව ජීවත් වන බවයි.
පසුගිය සතියේ ලෝක නායකයින්ගේ එකඟතාවය මත ඇතිවූ සටන් විරාම ගිවිසුම යටතේ මෙම ආධාර වැඩසටහන ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd