සිරියාවේ අගනුවර දමස්කස්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පොලිස් නිලධාරීන් ඇතුළු 11දෙනකු මියගොස් ඇත.

මිදාන් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක පිවිසුම අසල මෝටර් රථයක අටවා තිබූ එක් බෝම්බයක් පිපිරී ඇති අතර අනෙක් බෝම්බය ගොඩනැගිල්ල තුළ පළමු මහලේ පුපුරවා ඇති බව ආරක්ෂක අංශ පවසයි.

ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවකු බාරගෙන නොමැති නමුත් ආරක්ෂක අංශ පවසන්නේ ප්‍රදේශයේ ක්‍රියාත්මක අල් නුස්රා සංවිධානය මෙවැනි ප්‍රහාර නිරන්තරයෙන් එල්ල කරන බවයි.

(අල්ජසීරා පුවත් ඇසුරිණි - 085)