IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සිරියාවේ තෙල්-ගෑස් නිධි 4කට රොකට් ප්‍රහාර

සිරියාවේ තෙල් සහ ගෑස් නිධි හතරකට රොකට් ප්‍රහාර එල්ල වී ඇතැයි එරට රාජ්‍ය පුවත් සේවය වන ‘සානා’ පුවත් සේවය අද (4) වාර්තා කළේය.

එම රොකට් ප්‍රහාරවලින් තෙල් සහ ගෑස් නිධි පිහිටි භූමියේ දේපළවලට හානි සිදු වී තිබෙන අතර ඇතැම් ඒවා ගින්නෙන් විනාශ වී ඇතැයි ද වාර්තා විය. ගින්න නිවාදැමීමට සමත් වූ බවත් මේ වනවිට සිදු වූ හානිය තක්සේරු කරමින් සිටින බවත් එම පුවත් සේවය වාර්තා කළේය.

“ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ අනුග්‍රහකයන් නැවත වරක් තෙල් නිධි පිහිටි ප්‍රදේශවලට පහර දුන්නා” සිරියාවේ ඛනිජතෙල් අමාත්‍ය අලී ගානෙම් උපුටා දක්වමින් සානා පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඉබ්ලා ප්‍රදේශයටත් හොම්ස් පළාතේ ස්ථාන කිහිපයකටත් මෙම රොකට් ප්‍රහාර එල්ල වී තිබේ. මෙම ප්‍රදේශවල තෙල් නිධි, පිරිපහදු සහ ගෑස් බලාගාර ද පිහිටා ඇත.

මේ වන තෙක් කිසිවකුත් ප්‍රහාරයේ වගකීම බාරගෙන නැත. පසුගිය සතියේදී කිමිදුම්කරුවන් යොදාගනිමින් මුහුදු යට පිහිටි නළ මාර්ග කිහිපයකට ද ප්‍රහාර එල්ල විය.

එම පිරිස තවත් පිරිපහදුව නළවලට බෝම්බ සවි කර ඇතැයි සිරියානු රජය ජනවාරි 27 වැනිදා ප්‍රකාශ කළේය. මාස හයක් ඇතුළත එවැනි ප්‍රහාරයක් එල්ල වූ දෙවැනි අවස්ථාව එය විය.

සිරියානු සිවිල් යුද්ධය මේ වනවිට නවවැනි වසරට දිග්ගැස්සී තිබෙන අතර ආණ්ඩුවට ප්‍රධාන සහ වැදගත් තෙල් නිධිවල පාලනය ද අහිමි වී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් සිරියානු නෞකාවලට සම්බාධක පනවා තිබේ. සිරියානු රජය ඉරානය සමඟ සබඳතා පැවැත්වීම ඊට ප්‍රධාන හේතුවක් වී තිබේ.


ඒ.එෆ්.පී.

055



අදහස් (1)

සිරියාවේ තෙල්-ගෑස් නිධි 4කට රොකට් ප්‍රහාර

Pradeep Wednesday, 05 February 2020 02:46 AM

මිනිසුනේ වෛරී අදහස් හා සිතුවිලි අතහැර දමා ලෝ වැසි සැමගේ හිත සුව පිණිස වැඩ කරන්න සුදානම් වෙන්න. තිබෙන සීමිත සම්පතක් වන ඛනිජ තෙල් හා ගෑස් නිකරුනේ නාස්ති නොකර රැක ගැනීමට උනන්දු වෙන්න. අඩුම තරමින් මිනිසුන් ගැන හිතන්න බැරිනම් පරිසරය ගැනවත් හිතන්න. දිනෙන් දින මිනිසා ලබා ගන්නා දියුණුවද මේ...

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 378 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site