සිරියාවේ ඊශ‍්‍රායල දේශසීමාව අසල ගෝලාන් කඳුකරයේ දී ඉකුත් බ‍්‍රහස්පතින්දා (7) පැහැර ගැනුණු එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් 21 ක් දෙනා මුදා හැරීමට සිරියානු කැරැලිකරුවෝ ඊයේ (10) පියවර ගත්හ.
එම භට කණ්ඩායම කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයට හසු වූ අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් සිරියානු කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන සිරියානු ජාතික පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කළේ තම භට කණ්ඩායම වහා නිදහස් කරන ලෙසටය.
කෙසේ නමුත් කැරැලිකරුවෝ එම ඉල්ලීමට ක්ෂණික ප‍්‍රතිචාරයක් නොදැක්වූහ. සාම සාධක භට කණ්ඩායම මුදා හැරීමට කැරැලිකරුවන් පියවර ගෙන ඇත්තේ ඔවුන් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමෙන් පසුවය.
භට පිරිස රඳවා තබා ඇත්තේ ජාමල්ලා නමැති ගම්මානයේය. ඊයේ එම පිරිස දේශසීමා හරහා ජෝර්දාන බලධාරීන්ට බාර දුන් බව ද කැරැලිකරුවෝ වැඩි දුරටත් කියා සිටියහ.
සාම සාධක භට කණ්ඩායම සිරියා ජනපති බෂීර් අල් අසාද්ට සහාය දක්වන බවට සැක පහළ වී ඔවුන් අත්අඩංගුවට ගත්තේ යැයි සිරියානු කැරැලිකරුවෝ වැඩි දුරටත් කියා සිටිති.
සිරියාවේ සිවිල් යුද්ධයට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් සිරියානු කැරැලිකරුවන් සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක නිලධාරීන් අතර අර්බුදයක් හටගත් පළමු අවස්ථාව මෙයයි.
2025 දෙසැම්බර් මස 04
516
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
476
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරියාවේදී පැහැර ගැනුණු එ.ජා. සාම භටයන්ට නිදහස