IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


සිරියාවට පහර දුන්නොත් බලාගෙනයි:

සිරියාවේ ඩමැස්කස් අගනුවරට නුදුරු නගර තුනකට ඉකුත් 21 වැනිදා එල්ල වූ සෙරීන් විස වායු ප‍්‍රහාරයට සිරියානු රජය වගකිව යුතු යැයි චෝදනා කරමින් සිරියා රජයට එරෙහිව හමුදා කි‍්‍රයාමාර්ගයක් ගැනීමෙන් වළකින්නැයි ඉරානයත් රුසියාවත් ඇමෙරිකාවට අනතුරු අඟවමින් කියා සිටී.

ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය සිරියාවේ ආයුධ සන්නද්ධ කැරැලිකරුවන්ට සහ විපක්ෂ දේශපාල කණ්ඩායම්වලට සහාය දෙද්දී, ඉරානය සහ රුසියාව සිරියා ජනපති බෂීර් අල් අසාද්ට සහ ඔහුගේ රජයට සහාය දෙයි.

සිරියානු අර්බුදය වසර දෙකකට ආසන්න කාලයක් දිග්ගැස්සුණේ ලෝකයේ රටවල් සිරියානු අර්බුදය සම්බන්ධයෙන් බල කඳවුරු දෙකකට වෙන් වී සිටීම නිසාය.

ඉකුත් 21 වැනිදා එල්ල වූ සෙරීන් විස වායු ප‍්‍රහාරයට, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ප‍්‍රමුඛ ඔහුගේ රජය සම්බන්ධ බව තහවුරු වුවහොත්, දෙවරක් නොසිතා සිරියාවට එරෙහිව හමුදා කි‍්‍රයා මාර්ගයක් ගන්නා බව ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා අනතුරු ඇඟවූයේ පෙරේදාය.

ඉරානය කියා සිටියේ සිරියානු රජයට බොරු චෝදනා කරමින් ඇමෙරිකාව සිරියාවට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගන්නේ නම් තමන් ඒ ගැන නිහඬව නොසිටින බවය.

සිවිල් වැසියන් ඝාතනය කළේ යැයි චෝදනා කර, සිරියානු ජනපති අසාද්ගේ රජය පෙරැළීමට ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය ඇතුළු බටහිර රටවල් කුමන්ත‍්‍රණය කරන බවටත් රුසියාව සහ ඉරානය චෝදනා කර ඇත.

සිරියාවේ සිදුවුණැයි කියන ‘මානව සංහාරය’ සම්බන්ධයෙන් බටහිර ගැති මාධ්‍ය විශාල ප‍්‍රසිද්ධියක් දීමට කටයුතු කළ බවත් එම ප‍්‍රහාරය නිමිත්තක් කර ගනිමින් ලිබියාවට කළාක් මෙන් සිරියාවට ද බටහිර රටවල් පහර දීමට උත්සහ කරන බවටත් රුසියාවත් ඉරානයත් වැඩි දුරටත් කියා සිටී.

ඉරාන රජය පෙරේදා කියා සිටියේ, සිරියාවේ ඩමැස්කස් නුවරට නුදුරින් සෙරීන් විස වායු යොදා ගෙන පහර දීමක් සිදුවූයේ නම්, ඊට සිරියානු රජයේ සම්බන්ධයක් නොමැති බවත් එය කළේ කැරැලිකාර පාර්ශ්වයට සහාය දෙන ‘තක්ෆීරි’ නමැති ඉස්ලාමීය සටන්කාමී සංවිධානය බවත්ය.

ඇමෙරිකන් ආරක්ෂක ලේකම් චක් හේගල්ගේ අණ පරිදි ඇමෙරිකන් හමුදාව ඔවුන් සතු දිගු දුර මිසයිල සිරියාව දෙසට හරවා ඇති අතර ඇමෙරිකා යුද නැව් කිහිපයක් ද මධ්‍යධරණී මුහුදට සේන්දු වී තිබේ.

සිරියාවට එරෙහිව ඇමෙරිකන් රජය හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගන්නේ නම්, පැය කිහිපයක් ඇතුළත පහර දී සිරියා ගුවන් හමුදාව අඩපණ කිරීමට තමන්ට හැකි බවත් ඒ සඳහා මේ වනවිට සැලැසුම් සකස් කර අවසන් බවත් ඇමෙරිකා රජයේ ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධාන හමුදාපති ජරනාල් මාටින් ඩැම්ප්සි කියා සිටී.

ඉකුත් 21 වැනිදා සිදුවුණු එම විස වායු ප‍්‍රහාරය එල්ල කළේ සිරියානු රජය යැයි චෝදනා කළේ සිරියානු විපක්ෂ කණ්ඩායම් සහ කැරැලිකරුවන්ය.
සිරියානු රජය තරයේ කියා සිටින්නේ එම විස වායු ප‍්‍රහාරයට තමන් සම්බන්ධ නැති බවත් එය සිදු කළේ රටේ ත‍්‍රස්තවාදය පතුරුවන ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශයේ ආධාර ලබන කැරැුලිකරුවන් සහ සටන්කාමීන් කියාය.
 



අදහස් (0)

සිරියාවට පහර දුන්නොත් බලාගෙනයි:

කුමාරි Tuesday, 27 August 2013 04:24 PM

ඇයි චන්ඩිද (දී)

:       0       0

පහන් Tuesday, 27 August 2013 04:49 PM

කාටද චන්ඩි වෙන්න ඕනේ හොදයි මේ මට ගහල චන්ඩි වෙයල්ලා . (දී)

:       0       0

බණ්ඩා Tuesday, 27 August 2013 01:15 PM

කමෝන් උදාර! ඔයා මාර චන්ඩියෙක්නේ.කරුණා කරලා ඔයාගේ ලිපිනය පල කරනවද ? බය වෙන්න එපා ඇමෙරිකාව ඔයාට ගහන්නේ නැහැ (නි)

:       0       0

නිල් Tuesday, 27 August 2013 02:06 PM

බණ්ඩා ඇමරිකන්ද (දී)

:       0       0

චානක Tuesday, 27 August 2013 03:27 PM

ඉරානයත් පැත්තක ඉඳලා කන්නයි යන්නේ. රුසියාව කියන්නෙ අන්තිම මොහොතේ මග ඇරලා යන ජාතියෙ රටක්. (දී)

:       0       0

සුසිල් මිලානෝ Tuesday, 27 August 2013 03:29 PM

විශ වායු ගහලා දාහක් මැරුවා කියලා කිඹුල් කදුළු හෙලලා ඇමරිකාව අත අරින බෝම්බ වලින් කී දාහක් මරණවද? කුවේටය, ඉරාකය ලිබියාව මේ රටවල ලක්ෂ කීයක් මැරුවද? (දී)

:       0       0

උදාර Tuesday, 27 August 2013 11:16 AM

ඇමරිකාවට කන පැලෙන්නම එකක් දාන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 177 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 243 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site