IMG-LOGO

2024 පෙබරවාරි මස 27 වන අඟහරුවාදා


සිරියානු මෙහෙයුමේ අවසන් අදියර

වසරකට අධික කාලයක් තිස්සේ ඔඩු දුවමින් පවතින තුවාලයක් වැනි සිරියාවේ අභ්‍යන්තර අර්බුදය එහි පාලකයන් වෙනස් කිරීමේ අවසන් අදියර කරා ළං වෙමින් පවතින බව පෙනේ. තුර්කිය දමස්කස් නගරයේ ඇති තම තානාපති කාර්යාලය වසා දමා එහි නිලධාරීන් ආපසු කැඳවා ඇති අතර මේ සතියේ දී තුර්කි අගනුවර වන ඉස්තාම්බුල් නගරයේ දී සිරියානු වියත් කණ්ඩායම් සමඟ ඉදිරි වැඩ පිළිවෙළ ගැන සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිතය. එක්සත් ජනපදය ඇතුළු නේටෝ රටවල් හා ගල්ෆ් සහයෝගිතා රටවල් ඊට සහභාගි වෙති. එහි දී තුර්කිය පදනම්ව ක‍්‍රියාත්මක වන සිරියානු ජාතික කවුන්සිලයට හා එහි අනුග‍්‍රහයෙන් ක‍්‍රියාත්මක වන නිදහස් සිරියානු හමුදාවට ලබා දෙන ආධාර සම්බන්ධීකරණය වන ආකාරයත් සාකච්ඡා වන බව වාර්තා වේ. ජනාධිපති අසාඞ්ගේ හමුදාව අතහැර පැමිණි සෙබළුන්ගෙන් හා විවිධ සටන්කාමී කණ්ඩායම්වලින් සමන්විත නිදහස් සිරියානු හමුදාවට එක්සත් ජනපදය අවි ආයුධ ලබා නොදෙන නමුත් උපාය මාර්ගික  වශයෙන් වැදගත් සන්නිවේදන උපකරණ ලබා දීමට සූදානම් යැයි දැනටමත් ප‍්‍රකාශ කර ඇත. ලිබියාවට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමේ දී අවශ්‍ය ඉලක්ක තෝරා ගැනීමට පහසු වූයේ මෙවැනි සන්නිවේදන උපකරණ නිසාය. එක්සත් ජනපදය හා නේටෝ රටවල් හා ගල්ෆ් කලාපයේ රටවල් සිරියාවේ මිතුරන් නමින් තුර්කියේ දී රැස් වන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් විසින් සිරියාව සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂ නියෝජිත කොෆි අන්නන්ගේ දූත මෙහෙය තීරණාත්මක අවස්ථාවකට ළඟා වෙමින් තිබියදීය. එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම්වරයකු වූ අන්නන් සිරියාව සම්බන්ධයෙන් කරුණු හයක් යටතේ ඉදිරිපත් කළ යෝජනාවට සිරියාව ද සහාය දක්වන බව ප‍්‍රකාශ කර ඇති අතර කලින් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ දී සිරියානු යෝජනාවකට නිෂේධ බලය යොදා ප‍්‍රතික්ෂේප කළ රුසියාව හා චීනය ද ඊට කැමැත්ත පළ කර ඇත. සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් කිරීම, ජනාකීර්ණ ප‍්‍රදේශවලින් යුද ටැංකි ඇතුළු බර අවි ඉවත් කිරීම හා මානුෂිකවාදී සහන සැපයීමට ඉඩ පහසුකම් සැලසීම වැනි කරුණු ඇතුළත් මෙම යෝජනා ක‍්‍රියාත්මක කිරීම හදිසි අවශ්‍යතාවක් සේ දකින අන්නන් එහෙත් කාලවකවානු පැනවීම හා සම්බාධක පැනවීම මගින් ප‍්‍රශ්නයට විසඳුමක් ලබාගත නොහැකි යයි පවසයි. ඔහු සිය යෝජනාවලට සහාය ලබා ගැනීම සඳහා රුසියානු හා චීන නායකයන් ද හමු වූයේය. මීට පෙර අරාබි ලීගයෙන් ද දූත කණ්ඩායමක් සිරියාවට යවා ගැටුම් වළක්වා සාකච්ඡුාමය විසඳුමක් ලබා ගැනීමට උත්සාහයක් ගන්නා ලදී. සති කීපයක් සිරියාවේ අගනුවර හා ගැටුම් පවතින හෝම්ස් නගරයේ රැඳී සිටි එම කණ්ඩායමෙන් ඉදිරිපත් වූයේ ද මීට සමාන යෝජනා වුවත් අරාබි ලීගය එම දූත කණ්ඩායම ආපසු ගෙන්වා ගත් නිසා එම උත්සාහය ව්‍යර්ථ විය. ඔවුන්ගේ නිරීක්‍ෂණය වූයේ සිරියානු රජයෙන් මෙන්ම විපක්‍ෂයේ සන්නද්ධ කණ්ඩායම්වලින් ද අයිතිවාසිකම් උල්ලංඝණය වීම් සිදු වන නිසා දෙපාර්ශ්වයම ගැටුම් වැළකීමට පියවර ගත යුතුය යන්නයි. එහෙත් අරාබි ලීගයේ ප‍්‍රධාන රටවල් වන සෞදි අරාබිය හා කටාර් වැනි රාජ්‍යයන්ගේ මතය වූයේ ජනාධිපති අසාඞ්ගේ රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට වඩා ඔහු බලයෙන් ඉවත් වීම ගැන න්‍යාය පත‍්‍රයක් සැකසිය යුතුය යන්නයි. එම නිසා මේ අවස්ථාවේදීත් කොෆි අන්නන්ගේ යොජනාවලට ජනාධිපති අසාඞ් සිය කැමැත්ත ප‍්‍රකාශ කළත් විපක්‍ෂ කණ්ඩායම් හා ඔවුන්ගේ සහායට ඉදිරිපත් වන අනෙකුත් රාජ්‍යයන් කුමන ප‍්‍රතිචාරයක් දක්වන්නේ ද යන්න සැක සහිතය. ජනාධිපති අසාඞ් බලයෙන් ඉවත්ව විපක්‍ෂ කණ්ඩායම්වලට පාලන බලය පිරිනමන විසඳුමකට හැර වෙනත් දෙයකට ඔවුන් එකඟ වන්නේ යැයි සිතිය නොහැක. කෙසේ වුවත් පාලකයන් වෙනස් කිරීමට වඩා ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම් සඳහා දැයේ මෙම විරෝධතා ව්‍යාපාරය දැන් වඩාත් ප‍්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන ඇති බව පැහැදිලිය. මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර, රජයේ ගොඩනැගිලි හා පොදු පහසුකම් ඉලක්ක කර ගත් බෝම්බ ප‍්‍රහාර නිතර වාර්තා වන අතර ඉන් සිදු වන ජීවිත හා දේපොල හානි ද ඉහළ යයි. මාර්තු 16 වැනි දින ඩමස්කස් නගරයේ සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් 27 දෙනකු මිය ගිය අතර තවත් 140ක් තුවාල ලැබූහ. තවත් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර කීපයක් ව්‍යර්ථ කළ බව ද වාර්තා වේ. මේ අතර සිරියානු රජයේ හමුදා ජනාකීර්ණ ප‍්‍රදේශවලට එල්ල කරන ෂෙල් වෙඩි ප‍්‍රහාරවලින් අහිංසක ජනතාව සිය ගණනක් මිය යන බව ද විපක්‍ෂ කණ්ඩායම් පවසති. දශක හතරකට අධික කාලයක් මර්දනකාරී පාලනයක් පවත්වා ගෙන යන බාත් පක්‍ෂයට එරෙහිව ජනතා නැගිටීම් ඇති වීම පුදුමයට කරුණක් නොවේ. මීට පෙර හෝම්ස් නගරයේ එවැනි උද්ඝෝෂණයක් හටගත් අතර සිරියානු පාලකයන්ට ඒවා පහසුවෙන් යටපත් කළ හැකි විය. එවිට ප‍්‍රබල ජත්‍යන්තර විරෝධයක් මතු වූයේ ද නැත. එහෙත් මෙවර සිරියාවට එරෙහිව ඇති ජාත්‍යන්තර බලවේග වඩාත් ශක්තිමත් සංවිධානය වී සිටින අතර මැදිහත් වීමකට සුදුසු පසුබිමක් ගොඩ නැගී ඇත. එම නිසා ජනාධිපති බෂීර් අසාඞ්ට ගත හැකි විකල්ප ක‍්‍රියා මාර්ග දිනෙන් දිනම සීමා වෙමින් පවතී. එවැනි පසුබිමක රුසියාව හෝ චීනය ජනාධිපති අසාඞ්ගේ සහායට දිගටම ඉදිරිපත් වන්නේ ද යන්න සැක සහිතය. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කොෆී අනන් සිරියානු ජනාධිපති හා බිරිය ජනමත විචාරනයට ඡන්දය ප‍්‍රකාශ කරමින් තුර්කියේ වෙසෙන සිරියානු ජනතාව අසාඞ්ට විරෝධය පළකරමින් තුර්කි අගමැති සිරියානු අවතැන් පිරිසක් තුර්කි දේශ සීමාවේ



අදහස් (0)

සිරියානු මෙහෙයුමේ අවසන් අදියර

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

අභ්‍යවකාශයට යන ඉන්දීය ගගනගාමීන් හඳුන්වා දෙයි
2024 පෙබරවාරි මස 27 569 1

ඉන්දීය අභ්‍යවකාශ ආයතනය, මෙම වසරේ, ගගනගාමීන් සිවු දෙනකු අභ්‍යවකාශයට යැවීමට බලාපොරොත්තු වෙයි. ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක ආධා


පල්ලියක වෙඩි තැබීමකින් 15 ක් මරුට
2024 පෙබරවාරි මස 27 70 0

බටහිර අප්‍රිකාවට අයත්, බර්කිනා ෆාසෝ රාජ්‍යයේ, පල්ලියක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් පස් දෙනකු පමණ තුවාල ලබා රෝහල්


පන්ජාබ් මහ ඇමැති නවාස් ෂරීෆ් දියණිය මරියම්
2024 පෙබරවාරි මස 27 93 0

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දියණිය, මරියාම් නවාස් ෂරීෆ්, එරට පන්ජාබ් ප්‍රාන්තයේ මහ ඇමැති ධුරයට පත්වූවාය. පන්ජාබ් ප්‍රාන්ත මහ ඇමැති ධු


හංගේරියාවට නව ජනපතිවරයෙක්
2024 පෙබරවාරි මස 27 46 0

හංගේරියානු පාර්ලිමේන්තුව රැස්වී නව ජනාධිපති ලෙස 67 හැවිරිදි ටමාස් සුල්යෝක් එම ධුරයට තෝරා පත් කර ගැනුණි.


ගාසා සටන් විරාමය ලබන සතියේ - බයිඩන්
2024 පෙබරවාරි මස 27 523 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල රජය අතරේ නව සටන් විරාමයක් ලබන සඳුදා (4) ආරම්භ වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.


තුවාලු දූපත් රාජ්‍යයට නව අගමැතිවරයෙක්
2024 පෙබරවාරි මස 26 308 0

තුවාලු දූපත් රාජ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වී නව අග්‍රාමාත්‍යවරයකු පත් කර ගත්තේය. අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ගැණුනේ එරට හිටපු නීතිපති ෆෙල


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 327 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 310 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 313 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site