ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ කොළොම්බස් විශ්ව විද්‍යාලයේ සිසුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි සැකකරුවකු පොලිස් වෙඩි පහරකින් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

මෝටර් රථයකින් පැමිණි එම පුද්ගලයා මස් කපන පිහියක් රැගෙන සිසුන්ට ඇනීමට තැත් කර ඇතැයි ද ඔහුගේ පිහි පහරට ලක්වූ 11 දෙනකු තුවාල ලබා ඇතැයි ද කියති. 

මෙම ප්‍රහාරයට පැමිණි තරුණයා සෝමාලියා ජාතිකයකු බවත් ඔහුට ඇමරිකාවේ දැනට පදිංචිව සිටින බවත් වාර්තාවේ.

තුවාල ලැබූ 11 දෙනා රෝහල් ගත කරනු ලැබ ඇති බවත් එක් අයකුගේ තත්ත්වය බරපතල බවත් කියති. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැති බවද ඇමරිකා මාධ්‍ය වාර්තා කරයි.

විශ්ව විද්‍යාලයට අනුබද්ධ පොලිස් නිලධාරීන් වහා ක්‍රියාත්මක වීම හේතුවෙන් විශාල අනතුරක් වැළකී ගිය බව ඇමරිකා පොලිසිය සඳහන් කරයි.

විශ්ව විද්‍යාලයේ ආරක්ෂක ප්‍රධානී මොනිකා මොල් සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු එම විශ්ව විද්‍යාලයේම ඉගෙනුම ලබන අබ්දුල් රසාක් අලි අර්තාන් නමැත්තකු බව කියති. 

web636159630184660558-b02-suspect-1129 webCyW8TipUsAIWgkB