ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීම සඳහා, එරට රජයට හැකි සෑම අයුරින්ම සහාය දෙන බව පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් පවසා ඇත.
පාකිස්තාන අගමැතිවරයා මේ බව කියා සිටියේ ඔහුගේ ආරාධනාවක් පිළිගනිමින් ඉස්ලාමාබාද් අගනුවරට පැමිණි ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදීය.
දින තුනක සංචාරයක් සඳහා ඇෆ්ගන් ජනපති කර්සායි පාකිස්තානයට පැමිණියේ ඉකුත් 26 වැනිදාය.
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා සහ තලේබාන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡුා පැවැත්වීම ඇෆ්ගන් ජනපතිවරයාගේ එම පාකිස්තාන සංචාරයේදී සිදුවිය.
ඇෆ්ගන් රජය සහ එරට කි‍්‍රයාත්මක තලේබාන් සංවිධානය අතර ආරම්භ වූ සාම කතා ශක්තිමත් කර ගැනීමට අසල්වැසි පාකිස්තානය සහාය දෙන බව ද අගමැති ෂරීෆ් අවධාරණය කළේය.
|
ඇෆ්ගන් ජනපති කර්සායි (වමේ) පාකිස්තාන අගමැති ෂරීෆ් හමුවූ අවස්ථාව |

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.