IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිම්බාබ්වේ ඡන්දය ලබන වසරේ

සිම්බාබ්වේ රාජ්‍යයේ විපක්ෂ කණ්ඩායම්වල විරෝධය නොතකා ලබන වසරේ මහ මැතිවරණයක් පැවැත්වීමට එරට ජනාධිපති රොබට් මුගාබේ පෙරේදා (3) තීරණය කළේය. සිම්බාබ්වේ විපක්ෂ කණ්ඩායම් පමණක් නොව දකුණු අපි‍්‍රකා කලාපීය සංවර්ධන සංවිධානය ද ජනපති මුගාබේගේ එම තීරණයට විරෝධය පළ කරමින් ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කොට ඉන්පසු මැතිවරණය පවත් වන ලෙසටය. සිම්බාබ්වේ ජනපති මුගාබේ මීට දෙවසරකට පෙර එරට ප‍්‍රධාන දේශපාලන කණ්ඩායම වන ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී විපර්යාස පක්ෂය’ සමඟ එක්වී සමඟි රජයක් පිහිටුවූයේ රටේ කඩාවැටුණු ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිවය. එහෙත් එම සමඟි රජයට එම අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වී ඇති නිසා නියමිත දිනයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට තමා තීරණය කළ බව ජනපති මුගාබේ මාධ්‍ය හමුවේ කියා සිටියේය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්නැයි කියමින් මැතිවරණය කල් දමන්නැයි බල කරන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට දොස් පවරමින් මුගාබේ කියා සිටියේ මැතිවරණයට මුහුණ දීමට බියෙන් පසුවන අතළොස්සක් නිසා තම තීරණය කිසිවිටෙකවත් වෙනස් නොකරන බවය. කෙසේ නමුත් නව ආණ්ඩු ක‍්‍රමයක් සම්මත කොට නව ආරක්ෂක නීති සහ මැතිවරණ නීති හඳුන්වා නොදෙන්නේ නම් තමන් මැතිවරණය වර්ජනය කරනවා යැයි ප‍්‍රජාතන්ත‍්‍ර විපර්යාස පක්ෂයේ නායක මෝගන් ස්වංගිරායි පවසා ඇත.

ජොහැන්ස්බර්ග් (රොයිටර්)



අදහස් (0)

සිම්බාබ්වේ ඡන්දය ලබන වසරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site