IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සිම්බාබ්වේ අගනුවර වීදිවලට හමුදාව

 

සිම්බාබ්වේ අගනුවර වන හරාරේ නුවර වීදිවල හමුදාව දක්නට ඇතැයි රොයිටර් හා ඒ.එෆ්.පී ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

 

බදාදා (31) විපක්ෂ විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතර ඇති ගැටුම්වලින් පසු තරමක සාමකාමී බවක් දක්නට ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

සිම්බාබ්වේ පාලක සානු පී.එෆ් පක්ෂය මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා වූ ව්‍යාපාරය පක්ෂය ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම් හරාරේ නුවරට පැමිණි ඊයේ (1) විරෝධතාවල නිරත වූහ.

 

එම විරෝධතා අතරතුරදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇතිවිය. විරෝධතාකරුවන් පොලිසිය දෙසට ගල්වලින් පහර දුන් අතර විරෝධතාකරුවන් විසුරුවා හැරීම පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 

 

ගැටුම්වලින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බ්‍රහස්පතින්දා එනම් අද (2) හරාරේ අගනුවර කඩසාප්පු රැසක් වසා තිබූ බවත් දක්නට සිටියේ හමුදා සාමාජිකයන් පමණක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. 

 

ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිව යුත්තේ නෙල්සන් චමීසා ප්‍රමුඛ විපක්ෂය යැයි වත්මන් ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා පැවැසීය. තමන් ජනාධිපතිවරණය ජයගෙන ඇතැයි නෙල්සන් චමීසා පැවැසූ අතර විරෝධතා ආරම්භ වූයේ ඔහු එලෙස ප්‍රකාශ කළ පසුවය. 

 

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වීම මෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් ද ගැටලු ඇතැයි යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. 

 

සිම්බාබ්වේ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් මැතිවරණය පවත්වන ලද්දේ ජූලි 30 වැනිදාය. 

 

ඒ.එෆ්.පී/රොයිටර්

 

055



අදහස් (1)

සිම්බාබ්වේ අගනුවර වීදිවලට හමුදාව

Nuwan Thursday, 02 August 2018 02:45 PM

අපිටත් ඕන මේ වගේ පාලනයක් තමයි ජයවේවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site