IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සමාජවාදී නායක හියුගෝ චාවේස්ට සිවුවැනිවරටත් විශිෂ්ට ජනවරමක්

ලතින් ඇමෙරිකානු රටක් වන වෙනිසියුලාවේ ජනාධිපතිවරණය ඉකුත් සති අන්තයේ (7 වැනිදා) පැවැත්වුණු අතර කවුරුත් බලාපොරොත්තු වූ පරිදි වත්මන් ජනපති හියුගෝ චාවේස්ට විශිෂ්ට ජයක් හිමිවිය. ඒ අනුව, සිවුවැනි වරටත් ජනපති ධුරයට පත් චාවේස් වසර 2019 තෙක් එම ධුරයේ කටයුතු කරනු ඇත. චාවේස්ගේ වසර 14 ක සමාජවාදී පාලනය පෙරළා දැමීමේ අරමුණින් මෙවර විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී ඉදිරිපත් කළ ‘තුරුම්පුව’ වූයේ අපේක්ෂක 40 හැවිරිදි හෙන්රීකේ කැප්රිලේ ය. ජනපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූයේ ද චාවේස් සහ කැප්රිලේ ය. ඡන්ද සටන ආරම්භ වූ අවස්ථාවේදී ඇතැමුන් අනුමාන කළේ කැප්රිලේගෙන් චාවේස්ට අභියෝගයක් එල්ල වනු ඇති බවය. මධ්‍ය දක්ෂිණාංශික, යුක්තිය පෙරට නමැති පක්ෂයේ නායකයා වන කැප්රිලේ 2008 වසරේ සිට මේ වන තෙක් බරූටා ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර ඇත. කෙසේ නමුත් අවසන් ජනමත සමීක්ෂණවලින් පෙනී ගියේ චාවේස් නිසැක වශයෙන්ම ජයග‍්‍රහණය කරනු ඇති බවය. ලැබූ විශිෂ්ට ජයග‍්‍රහණයත් සමඟ ලතින් ඇමෙරිකා ඉතිහාසයේ මහා බලවතකු ලෙස නම රැඳවීමට චාවේස් සමත් ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ප‍්‍රකාශිත සියයට 90 ක ඡුන්දවලින්, 58 හැවිරිදි චාවේස්, සියයට 54.42 ක ප‍්‍රතිශතයක් හිමිකරගෙන සිටි අතර විපක්ෂ අපේක්ෂක කැප්රිලේ ට හිමිකර ගැනීමට හැකිවූයේ සියයට 44.97 ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණි. ජයග‍්‍රහණයෙන් පසු තම විපක්ෂ දේශපාලන කණ්ඩායම් අමතමින් චාවේස් කියා සිටියේ පෙරට වඩා ඔවුන් සමඟ එක් වී සමීපව කටයුතු කිරීමට තමන් සූදානම් බවය. ඔපෙක් සංවිධානයේ සාමාජික රටක් ද වන වෙනිසියුලාව ලතින් ඇමෙරිකා කලාපයේ ඉහළට ඔසවා තැබීමට තමා අපේක්ෂා කරන බවත් ඊට කැප්රිලේ ඇතුළු විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමඟ එක් වී කටයුතු කරන බවත් චාවේස් අවධාරණය කරයි. වෙනිසියුලාවේ ජනපති ධුර කාලය වසර හයක් වන අතර චාවේස් ජනපති ධුරයේ රැඳී සිටින්නේ 1996 වසරේ සිටය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල විවේචනයට ලක් වන ඔහු වචනයේ පරිසමාප්තියෙන්ම සමාජවාදී නායකයකු යැයි ලතින් ඇමෙරිකානු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.  පිළිකාවකින් ද පීඩා විඳ, ප‍්‍රතිකාර ලබා එය ජය ගැනීමට චාවේස් සමත් වීම ද සුවිශේෂී සිදුවීමකි.චාවේස් තම පක්ෂ ආධාරකරුවන්ට අතවනමින්



අදහස් (0)

සමාජවාදී නායක හියුගෝ චාවේස්ට සිවුවැනිවරටත් විශිෂ්ට ජනවරමක්

ෂෙරීෆ් Tuesday, 09 October 2012 09:21 PM

ජනපතිතුමනි, අපිත් ඔබ සමග අත්වැල් බැද ගන්නට කැමැත්තෙමු. (නි)

:       0       0

බන්ඩාර Tuesday, 09 October 2012 02:32 PM

අපේ සුබ පැතුම්. ලෝකය තවත් ලස්සන වේවා .(ස)

:       0       0

සිල්වා Tuesday, 09 October 2012 11:30 PM

ලංකාවට හිතවාදී නායකයෙක්. ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

සිල්වා Tuesday, 09 October 2012 11:59 PM

ජනතා හිතවාදී නායකත්වයට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

සේනානායක Tuesday, 09 October 2012 03:44 PM

එඩිතර නායකයෙක්...නව ගමනකට ආසිරි (ස)

:       0       0

සනත් ඉන්දික Wednesday, 10 October 2012 03:13 AM

මේ වගේ හතර දෙනෙක් හිටියොත් ලෝකෙටම ඇති ඔබට සුබ පතමි..! නොසැලී පෙරටම යන්න (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 179 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site