ස්පාඤ්ඤයේ දූපතක් වන මැජෝර්කාහි හදිසියේ හටගත් ගංවතුර තත්ත්වයක් හේතුවෙන් අට දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන් දෙදෙනකු ද සිටින බව පැවසේ.
පසුගිය දිනවල ඇතිවූ අධික වැසි හේතුවෙන් ගංගාවක් පිටාර ගලා යෑමෙන් මෙම ගංවතුර තත්ත්වය ඇති වී තිබේ.
බලධාරීන් පවසන්නේ අතුරුදන් වූ නව දෙනකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.මඩ සමඟ ගලාආ වතුරේ වාහන විශාල සංඛ්‍යවක් ගසාගෙන ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd