ස්පාඤ්ඤයේ ආර්ථිකය මේ වසරේදී සියයට 9.2කින් පහත වැටෙනු ඇතැයි එරට ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය නාඩියා කැල්විනෝ ප්‍රකාශ කළාය.
‘කොරෝනා වයිරස’ වසංගතයෙන් දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් සහ තෙවැනියට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි.
ස්පාඤ්ඤයේ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේදී සියයට 9.2කින් පහත වැටෙනු ඇතැයි ප්‍රකාශ එරට ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරියා 2021 වසරේදී ආර්ථිකය සියයට 6.8කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ද කීවාය.
ආර්ථිකය ‘වී-V’ හැඩයේ ආකාරයට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ස්පාඤ්ඤ මහ බැංකුව අපේක්ෂා කරයි.
මේ වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථික දැඩි කඩා වැටීමකට ලක්වනු ඇති බවත් වසරේ දෙවැනි අර්ධයේදී ශක්තිමත්ව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බවත් අමාත්‍ය නාඩියා කැල්විනෝ කීවාය.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd