සෞදි භටයන් විශාල සංඛ්‍යාවක් මරා දැමූ බවත් තවත් භටයින් දහස් ගණනක් යටත් කරගත් බවත් යේමනයේ 'හූති' ගරිල්ලා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
සෞදි අරාබි - ඉරාන දේශ සීමාව ආසන්නයේ එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයකදී මොවුන් මරා දැමූ බව සඳහන් වන නමුත් සෞදි බලධාරීන් මෙතෙක් ඒ සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කර නොමැත.
නිජ්රාන් නගරය ආසන්නයේ දී සටන් ඇතිවූ බවත් සෞදි බ්‍රිගේඩියර්වරුන් තිදෙනකු යටත් වූ බවත් හූති ප්‍රකාශකයෙක් බීබිසි සේවයට පවසා ඇත.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එය ඔවුන්ගේ කැරැල්ල ආරම්භ කිරීමෙන් පසුව එල්ල කරන ලද දැවැන්තම ප්‍රහාරය බවයි.
පසුගියදා සෞදි අරාබියේ තෙල් සැකසුම් කම්හල් දෙකකට එල්ල කරන ලද ප්‍රහාරයේ වගකීම ද හූති ගරිල්ලන් විසින් බාරගනු ලැබිණි.
(බීබීසි ඇසුරිණි - 085)
COMMENTS
හරි දැන් එහෙනම් උඩින් එන බෝම්බවලට හැංගියන්...