සෞදි අරාබිය ඉරානය සමග තිබූ සියළු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම් අත්හැරිය බව සෞදි විදේශ අමාත්‍ය අඩෙල් අල් ජුබෙයිර් මහතා නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. සවුදියේ සිටින සියලුම ඉරාන රාජ්‍යතාන්ත්‍රිකයන්ට පැය 48ක් ඇතුලත රටෙන් පිටවන ලෙස නියෝග කැර ඇතැයිද වාර්ථා වේ.
ෂියා මුස්ලිම් පූජක ෂෙයික් නිමර් අල්-නිමර් සමඟ තවත් හතළිස් හය දෙනෙකු පසුගිය සෙනසුරාදා සෞදි රජය විසින් මරා දැමීම නිසා දෙරට අතර මතබේදාත්මක තත්වයන් වර්ධනය විය. සෞදි බලධාරීන් පවසන්නේ ඔවුන්ට මරණ දණ්ඩනය ලබා දුන්නේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වී ඇති නිසා බවයි. නමුත් මෙය ප්‍රතික්ෂේප කරණ පූජක ෂෙයික් නිමර් අල්-නිමර්ගේ අනුගාමිකයන් පවසන්නේ සෞදි රාජාණ්ඩුව විවේචනයට ලක් කිරීම නිසා තම නායකයා මරා දැමූ බවයි. මෙම සිද්ධියට පසු ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි සෞදි තානාපති කාර්යාලයට විරෝධතාකරුවන් පිරිසක් කඩා වැදී එම ගොඩනැගිල්ලට ගිනි තබා තිබුණි.
ප්‍රධාන පෙලේ මුස්ලිම් පුජකවරයෙකු මරා දැමීම වෙනුවෙන් සෞදි අරාබියට එරෙහිව ඉරානයේ නායක අයතොල්ලා කුමේනි සිය විරෝධය පලකරමින් ප්‍රකාශ නිකුත් කැර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉරානය ගත් හොඳ පියවරක් මෙය සියා සුන්නි ගැටළුවක් මිස ඇමරිකාව මැදිහත් වීමක් නොව, සෞදි නගරයක් තියනව කතිෆ් කියල සියලුම ශීයා වැසියන් වාසයකරන්නේ මෙහි පමණි. පුදුමාකාර පොලිස් මුරකාවල් යොදා තියන නගරය වටකර(බ)
මේකත් කොහෙන් හරි කෙලවර වෙයිනේ (බ)
සෞදිය කියන්නේ ඇමෙරිකාවේ රුකඩ බළල් අතක් (බ)
සෞදිය ඇමරිකාව සමඟ සිටිය නිසා ලෝකයේ දෙවන කර්මාන්ත පුරයට හිමිකම් කියන්නේ. දැන් දැන් තෙල් මිල අඩුවන නිසා වැලේවැල් නැතුව ඉන්නේ. (නි)
විජිත්, ඔටෝමන්කාරයෝ රෝමන්කාරයෝ යුදෙවුවෝ ඊශ්‍රායලෙන් පැන්නුවේ වසර දාහකට පමණ පෙර. එහෙන් පැනපු යුදෙවුවෝ මිලියන ගානක් හිට්ලර්ගෙන් මැරුම් කෑවේ අරාබිකාරයන්ගේ පදේට. යුදෙවුවෝ නැවත ඊශ්‍රායලයට පැමිණියා මිස බලෙන් ඇල්ලුවේ නැහැනේ. (නි)
"අසළ ගෙයක සොරකම් ගිය දවසක කුහුල් සිතින් ඉන්නේ තම ගෙය රැක " කියලා කියෙන්නෙ කට කහනවට නෙමෙයි. අපේ ඇසේ අනෙමින් තිබෙන පොල් පරාලය ගණන් ගන්නේ නැතුව අනුන්ගේ ඇසේ ඇති ඉසකේ ගස දිහා මෙතරම් විමසිල්ලෙන් බලන්නේ මොකටද? ඔය ෂියා සුන්නි දෙගොල්ලන්ටම උදවුදෙන ඉරානය සහ සෞදිය යන දෙරටම තරඟයට අපේ රටේ විවිධ මතවාද වපුරනවා. ඒකෙ ආරම්භක ප්‍රතිඵල දැනටමත් පෙනෙන්න තිබෙනවා. මේක තමයි අපේ ඇසේ ඇනෙමින් තිබෙන පොල් පරාලය. ඒ ගැන හිතන්න කාලය තවමත් ඇවිල්ලා නැද්ද? (නි)
මේ ප්‍රශ්න ඔක්කොම කලින් සිටම බුද්ධිමත්ව සැලසුම් කල ඒවායි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව අරාබි රටවල් සියල්ලම එකතුවුනා. එකම පවුලක සහෝදරයින්වාගේ. ඒ කාලයේ තමයි කාටත් හොරා "ඊස්රයලය." බිහිවුනේ. ඇමෙරිකාවේ ආශීර්වාදයෙන් ලෝකයවටා විසිරි සිටි ධනවත් යුදෙව්වන්ගේ අවශ්‍යතාවයට . පලස්තීනයෙන් කොටසකුත් ඊශ්රයලය බලෙන් අල්ලාගත්තා.අවසානයේදී අරාබි ඊශ්රායල් යුද්ධය ඇරඹුනා 1960 ගණන්වල. අරාබි රටවල් ඔක්කොම එකතුවලා ඊශ්රායලයට පහරදුන්නා. නමුත් ඉතාමත්ම බුද්ධිමත් ඉශ්රයල්වරු විවිධ උපක්‍රම මගින් සටන ජය ගත්තා. මේ සටනේ ගිනි පුපුරු හැමදාමත් අළු යට තිබී විටින් විට මතුපිටට පැමිණිය. අරාබිරටවල් ටික එකිනෙකාට සතුරු කලොත් තමන්ගේ පැවැත්ම සදහටම තහවුරුවනබව ඊශ්රායලය තේරුම් ගත්තා. විවිධ රහස් ඔත්තුසේවාවන්ගේ විවිධ උපක්‍රම මගින් අවසානයේදී අරාබින් එකිනෙකා විරසක වුනා. අනාගතයේදී තව තවත් ප්‍රශ්න ඇතිවේවි. (ර)
ඇමෙරිකාවට කරගන්න බැරි වුන දෙයක් ඉබේම වෙනවා. (ර)