IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සද්ධාතිස්ස නාහිමි සැමරෙයි

හම්මලව සද්ධාතිස්ස නාහිමියන්ගේ 26 වැනි ගුණ සමරු පිංකම පසුගිය සති අන්තයේදී ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කළ දෙදින පින්කමේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ පසුදින මහා සංඝ රත්නය උදෙසා පැවැත්වුණ සංඝ ගත දක්ෂිණාවක් ඇතුළත් විය.

පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පුජ්‍ය මුරුන්ගස්‍යායේ ඤානිස්සාර නාහිමි සහ බාර්ත් ස්පා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය දීගල්ලේ මහින්ද හිමි සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් අනුශාසනා පැවැත්වුහ. ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියෝ පැමිණසිටි පිරිස තිසරණ සහිත පංච ශීලයෙහි පිහිටවුහ.

පිංකම සඳහා මහා සංඝරත්නය 28 නමක් සහභාගී වී සිටියහ. යුරෝපා රටක පින්කමක් සඳහා මහා සංඝරත්නය මෙතරම් සංඛ්‍යාවක් සහභාගිවීම විශේෂත්වයකි.

ඒ අතර පැරිස් බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද හිමි මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි අධ්‍යක්ෂ ආචාර්ය අකුරටියේ නන්ද හිමි, ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරාධිපති උළුවිටිකේ බෝධිසීහ හිමි, අනුරාධපුර තපෝවන විහාරවාසී මාතලේ විජයවංශ හිමි, ජය ශ්‍රී මහා බෝ මළුවේ කිරම ගුණවංශ නාහිමි සහ නෙපාලේ පඥ්ඥරතන හිමි ඒ අතර වුහ.

ලන්ඩන්, බර්මින්හැම්, නොටින්හැම්,මැන්චෙස්ටර් සහ ලේච්වර්ත් ශ්‍රී ලාංකික විහාරස්ථාන සියල්ලම නියෝජනය කරමින් විහාරාධිපතින් වහන්සේලා සහ නේවාසික සංඝයා වහන්සේලා පින්කමට සහභාගී වුහ.

පිංකමෙහි වැඩකටයුතු සාර්ථක කරගැනීම සඳහා වෙහෙස මහන්සිවී කටයුතු කළ සහ සහභාගිවූ සියලුම දෙනාට පියදස්සි නාහිමියෝ පුණ්‍යානුමෝදනා කළහ.



අදහස් (0)

සද්ධාතිස්ස නාහිමි සැමරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site