IMG-LOGO

සුඩානයේ ගැටුම්වලින් තිදෙනෙක් මරුට

සූඩානයේ  විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුමෙන් තිදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

දීර්ඝ කාලයක් පාලන බලයේ සිටින සුඩාන ජනාධිපති ඕමාර් අල් බෂීර් මහතාගේ පාලනයට විරුද්ධව ඔවුහු මෙසේ විරෝධතා දැක්වූහ. 

සූඩානයේ අගනුවර වඩාත් ප්‍රචණ්ඩකාරී විරෝධය පළකිරිමක් දක්නට ලැබුණු අතර දහස් ගණනක් විරෝධතාකරුවන් පාර්ලිමේන්තු භූමියටද  පැමිණ විරෝධය පලකර ඇත.

විරෝධතාකරුවන් අට දෙනෙකු තුවාල ලබා ඇති අතර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කදුලු ගෑස් ප්‍රහාර  සහ අහසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇත. 

පොලීසිය සහ විරෝධතාකරුවන් අතර වඩාත් ප්‍රචණ්ඩකාරී ගැටුම් දෙසැම්බර් 19 දා ආරම්භ වී ඇති අතර ඔම්දුර්මාන් නගරයේ දී දහස් ගණනක් පිරිස් ඒ සඳහා සහභාගී වී ඇත.

සති තුනක් තිස්සේ පැවති මෙම ගැටුම් වලින් ආරක්ෂක හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළු 19 දෙනෙකු මිය ගොස් ඇති අතර විරෝධතාකරුවන් 800 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව  සුඩාන බලධාරීහු පවසති.

(63226)



අදහස් (0)

සුඩානයේ ගැටුම්වලින් තිදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 302 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 482 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 192 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site