ශ්‍රී ලංකාව කොහොමද? විවාදයක් ආරම්භ කරමින් ශාලාවේ අසුන් ගෙන සිටි පිරිසට ඉදිරිපත් ක< ප‍්‍රශ්නයකි. සියලූ දෙනාගේ නිහැඬියාවෙන් පසු නත්තල් සමයේ නිවාඩුවට ශ්‍රී ලංකාවට ගොස් පැමිණි මිතුරෙකුට ඉහත ප‍්‍රශ්නය යොමු කළේය.

කොහොමද ශ්‍රී ලංකාව? මිතුරා පිළිතුරු දෙමින් ලංකාව හොඳයි. පනස්දාහේ, තිස්දාහේ ටිකට් අරගෙන සංගීත ප‍්‍රසංග නරඹනවා. නත්තලේ සති අන්තය කතරගම ඉන්න තැනක් හොයා ගන්න නැහැ. ආප්පයක් රුපියල් 40යි. මල් වට්ටියක් හොයා ගන්න නැහැ. කතරගම දෙවියන්ගෙන් වරප්‍රසාද ලබා ගැනීමට ඒ තරමටම බැතිමතුන්ගෙන් කතරගම පිරී ඉතිරිලා. නුවර , නුවරඑලිය ඊට  දෙවැනි නැහැ. මළ ගෙවල්, දාන ගෙවල්, මගුල් ගෙවල් ආදිය කේටරින් කාරයන්ට භාර දීලා. මළ බත උයන්නෙත් කේටරින් කාරයෝමයි. මෙහේ ඉන්න අයට රට ගැන තියෙන කැක්කුම එහේ ඉන්න අයට නැහැ. එයාලා කාලා බීලා හොදින් ඉන්නවා. ඉතින් කවුද ලංකාව නරකයි කියන්නේ ? එන්රික් ඉග්ලියාසිස්ගේ සංගීත ප‍්‍රසංගයේ වේදිකාවට පැනපු ගැටිස්සියයි, වේදිකාවට විසි කළ තන පටයයි නැගල යනවා. ඒක තමයි මේ දිනවල ප‍්‍රධාන මාතෘකාව. ජනාධිපති තුමාත් එයට මැදිහත් වෙළා. මීට පෙර රාජකීය ලෙස හදුන්වන විදුහල්වල පැවැති අඩ නිරුවත් නර්තන ප‍්‍රසංග හා පසුගිය රජයේ සමහරක් ඇමැතිවරුන් වැල්ලවත්තේ ජිනා මැඩම්ගේ කම්සැප විඳපු හැටි මිනිසුන්ට අමතක වෙලා.  ඕක තමයි ලංකාවේ තත්ත්වය නිවාඩුවට ගොස් පැමිණි මිතුරා කීවේය.

ඉතින් එවැනි සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීම හරිද? වැරදිද? සභාවේ කෙනෙක් අතුරු ප‍්‍රශ්නයක් සභාවට ඉදිරිපත් කරමින් අසයි. හරි වැරදි දෙකම තියෙන බව විවාදයට එක්වෙමින් කාන්තාවක් කීවාය. ආර්ථික පැත්තෙන් හොඳ වෙන්න පුළුවන්. නමුත් සංස්කෘතික පැත්තෙන් නිවැරදියි කියන්න බැහැ. අපේ සංස්කෘතිය දැන් බල්ලට ගිහිල්ලා . සල්ලිකාර පවුල් වල අයෙක් කළ නොහොබිනා වැඩකට සමස්තයටම දොස් කියන්නත් බැහැනේ. සභාවේ වෙනත් කෙනෙක් අදහස් දක්වමින් කීවේය.

සංස්කෘතිය ගැන කතා කරනවා. ඇහැට කනට පෙනෙන ගැහැණූ ළමයෙක් තනියම ඉස්කෝලෙකට යවලා හවසට යහතින් ගෙදර එයිද කියලත් සැකයි. එම නිසා අම්මලා ගැහැණූ ළමයි පස්සෙන් උදේට යනවා. හවසට පස්සෙන් එනවා. හැම තැනම පිරිත් කියනවා. මල් පූජා කරනවා. පහන් දල්වනවා. බුදු සරණයි කියනවා. මුළු රටම බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් බැබලෙනවා. නමුත් තරුණ කෙල්ලෙකුට පාරේ බැහැලා යන්න බැහැ. ඒකටත් මේ රටේ බලන්න. පිරිත් ඇහෙන්නෙත් නැහැ. මල් පූජාත් නැහැ. නමුත් ගැහැණු ළමයෙක් ඉස්කෝලේ යවලා කරදරයක් නැතුව ගෙදර එන එක ගැන අපට හොඳ විශ්වාසයක් තිබෙනවා. මොන තරම් හොඳට නීතියට ගරු කරන රටක්ද?

එහෙනම් ලංකාවත් ප‍්‍රංශය වගේ වෙනවට ඔයාලා කැමති නැද්ද? සභාවේ සිටි පියෙක් අසයි. පැරීසිය යනු සෑම දිනකම සුප‍්‍රසිද්ධ සංගීත ප‍්‍රසංග ඇති නගරයකි. එම ප‍්‍රසංග වලදී විවිධ සිදුවීම් ඇතිවීමද සාමාන්‍ය දෙයකි. එසේ වුවද ප‍්‍රංශ ජනාධිපති නම් ඉහත තනපට වගේ සිද්ධි වලට ප‍්‍රකාශ නිකුත් කරන්නේ නැත. එසේ වුවොත් සෑම දිනකම තනපට ප‍්‍රකාශ නිකුත් කිරීමට ඔහුට සිදුවීම නොවැළැක්විය හැකිය.

 ඔහුට ඊට වඩා වැදගත් වැඩ තිබෙනවා. ඒකටත් අපේ ජනාධිපති ? බලන්න මේ රටේ කාන්තාවකට තිබෙන ආරක්ෂාව. අපේ රටේ එහෙම වාතාවරණයක් තිබෙනවාද? රාත‍්‍රියේ  ඕනෑම වේලාවක කාන්තාවකට පැරීසියේ එළියට බැහැලා යන්න පුළුවන්. කවුරුවත් විසිල් පාරක්වත් ගහන්නේ නැහැ. ඒකටත් අපේ රටේ එළියට බැස්සොත් රෙදි නැතුවයි ගෙදර එන්න වෙන්නේ. 70 පැනපු ආච්චි කෙනෙකුට තනියම පාරට බහින්න බැරි පරිසරයක් අපේ රටේ තිබෙන්නේ. ඉදිරියේදි ලංකාවේ ලේ බැංකුවට ලේ දන් දෙන්නේ සිව්පාවෙක් වූ සිංහයෝ පමණය. මන්ද ?  මෑතක සිට ලංකාවේ මිනිසුන්ගේ ශරීරයේ ඇත්තේ සිංහලේ බැවිනි. මෙය සංස්කෘතියට වඩා අධ්‍යාපනයේ වරද. ඉතින් කොහොමද ? ලංකාව හොඳයි කියන්නේ.

ඉහත දැක්වෙන පරිදි විවිධ දෛනික සමාජ විෂයන්ට සම්බන්ධ කරුණු ගැන සභාවේ විවාදය පැවැතියත් ලබා ගත් කාලවේලාව සීමිත බැවින් එදින අළුත් අවුරුදු සභාව අවසන් කිරීමට සිදුවුවද , ශ්‍රී ලංකාවේ සියල්ලෝ කමින් බොමින් සතුටින් බුදු සරණ පතමින් ජීවත් වෙන බව එදිනට පමණක් තාවකාලිකවූ තීරණයකට පැමිණෙමින් සභාව අවසන් කිරීමට සිදු වුයේය. ඉහතින් දැක්වුයේ ජනතා විමුක්ති පෙරමුණේ පැරිස් ශාඛාව විසින් වසරකට වරක් පවත්වන අලූත් අවුරුදු තේ පැන් සංග‍්‍රහය අවසානයේ පැවැති සුහද සාකච්ජාවේ කෙටි සාරාංශයකි. කොණ්ඩ කැවුම්, මුං කැවුම්, පැණි කැවුම්, කොකිස්, මුං අළුවා, අග්ගලා, කිරිබත් අතරට එක්වූ කෙසෙල් ගෙඩි ආදි රස කැවිලි වලින් පිරි අවුරුදු මේසය පැමිණි සියල්ලෝ සතුටින් භුක්ති වින්දේය. ලංකාවත් ප‍්‍රංශය වගේ නම් මොන තරම් හොඳද?. එසේ විය යුතු බව ආශිර්වාද කරමින් පැමිණි සියල්ලෝ ජනතා විමුක්ති පෙරමුණේ තේ පැන් සංග‍්‍රහයෙන් සමු ගත්තෝය.

01_New_Year_2016[1] 02_New_Year_2016[1] New_Year_2016[1]