අවුරුදු 80ක් එකට ආදරවන්තයින්වු පැරගුවේ යුවළක් විවාහ වී ඇත. 1933 සිට ඔවුන් ජීවත් වී ඇත්තේ එක වහළක් යට නමුත් දේවාශිර්වාද මැද, මුදු මාරු කර විවාහ වීම සඳහා තිබූ සිහිනය සැබෑ කර ගත හැකි වී ඇත්තේ අවුරුදු 80කට පසුය.

ජෝස් මැනුඑල් (103) රියෙල්ලා සහ ඔහුගේ පෙම්වතිය වන මාටිනා ලෝෆස් (99) එම යුවළයි. විවාහ උත්සවය ඔවුන්ට අයත් නිවසේ ගෙමිදුලේ පැවැත්විණි.

තද පැහැති ඇඳුමකින් සැරසී සිටි ජෝස් දැන් සිටින්නේ රෝද පුටුවෙහිය. මාටිනා සුදු පාට මංගල ගවුමකින් සැරසී සිටියි. එපමණක් නොව ඔවුන්ගේ දරුවන් අට දෙනාද, මුණුබුරු මිණිබිරියන් 50 දෙනෙක්ද, මී මුණුපුරෝ 35 දෙනා සහ ඔවුන්ගේ දරුවෝ 20 දෙනෙක් මෙම විවාහ උත්සවය සඳහා සහභාගී වී සිටියහ.